News Line| Off Air| Games
Generic placeholder image

Aug
26

ඔබේ හිසකෙස් නීරෝගීව වර්ධනය කරගන්නේ මෙහෙමයි

596 Views


ඔබේ හිසකෙස් නීරෝගීව වර්ධනය කරගන්නේ මෙහෙමයි

අතීතයේ සිටම කාන්තාවන්ට කෙස් කළඹ කියන්නේ වටිනා අභරණයක්. නමුත් වර්තමානය වෙද්දි නම් පවතින දැඩි ආර්ථික ප්‍රශ්න වගේම තිබෙන කාර්යබහුලත්වය නිසාම රූපලාවන්‍ය කටයුතු වලට කාළය වගේම මුදල් වියදම් කිරීම ටිකක් අමාරු කාර්යක්.

මේ කියන්න යන්නේ ඔබට නිවසේදීම එදිනෙදා භාවිතයට ගන්නා දේ වලින් ඔබේ හිසකෙස් නීරෝගීව වර්ධනය කරගන්න පුළුවන් ක්‍රමයක් පිළිබඳවයි.

කෝමාරිකා සත්කාරය

හිසකෙස් වියලීම, අකලට සුදු වීම හා හිසකෙස් හැලීම කියන්නේ බොහෝ කාන්තාවන් මුහුණ දෙන ගැටළුවක්. රූපලාවන්‍ය සත්කාර සඳහා නැතුවම බැරි දෙයක් තමයි කෝමාරිකා කියන්නේ. මෙමගින් දිගු, නීරෝගී කෙස් කළඹක් ලබාගත හැකි වෙනවා. කෝමාරිකා සහ මී පැණි එක් කර සදාගත හැකි මේ සංයෝගය මගින් ඔබේ හිසකෙස් ඉක්මනින් වර්ධනය කරගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • සූරාගත් කෝමාරිකා මද මේස හැඳි 2
  • මී පැණි මේස හැඳි 2 ක්

සූරාගත් කෝමාරිකා මද මේස හැඳි 2 සහ මී පැණි මේස හැඳි 2 හොදින් කලවම් කරන්න. කලවම් කර සාදාගත් මිශ්‍ර‍ණ‍යෙන් ස්වල්පය බැගින් ගෙන හිස් කබලේ ආලේප කරන්න.හොදින් මතක තබාගන්න කෙස් ගසේ මූලය සෘජුව සම්බන්ධ වෙන්නේ හිස් කබල සමඟ.ඒ නිසා කෙස් ගසට අවශ්‍ය පෝෂණය නියම ආකාරයෙන් ලැබීමට නම් මෙම මිශ්‍ර‍ණය හිස් කබලේ හොඳින් ආලේප කර පසුව උණු වතුරෙන් සෝදා ෂැම්පු කරගත යුතුයි. මෙම වට්ටෝරුව මගින් කොන්ඩය වැවීම ඉක්මන් කරගත හැකියි.

බිත්තර සත්කාරය

හිසකෙස් සත්කාර සඳහා භාවිතයට ගන්නා ද්‍රව්‍ය අතර බිත්තර ප්‍රෝටීන් කියන්නේ ඉතා සුලභ දෙයක්. බොහෝ ෂැම්පු වර්ග සෑදීමට මෙන්ම කන්ඩිෂනර් සඳහා බිත්තර භාවිතා කරන්නේ එහි පවතින ප්‍රෝටීන් ගුණය නිසායි. බිත්තර කහ මදය තුළ ප්‍රෝටීන්, විටමින් සංඝටක වගේම මේද අම්ල අඩංගු වන නිසා හිසකෙස් වලට දිදුළන පෙනුමක් වගේම නීරෝගීව හිසකෙස් වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම බෙහෝ දෙනෙකුට ගැටළුවක් වන හිසකෙස් ගැලවීයාම පාලනය කරගන්නත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර -2
  • හිසේ ගැල්වීමට භාවිතා කරන තෙල් ස්වල්පය

අවශ්‍ය වන්නේ බිත්තර කහ මදය පමණයි.ඔබේ කොන්ඩයේ ප්‍ර‍මාණයට අවශ්‍ය පරිදි දැනට හිසේ ගැල්වීමට භාවිතා කරන තෙල් වර්ගයෙන් තෙල් හැදි කිහිපයක් ගෙන බිත්තර කහ මද හොදින් කලවම් කරන්න. මෙම මිශ්‍ර‍ණය හිසේ ගල්වා හොදින් සම්බාහනය කර සෝදාහරින්න.

මී පැණි සත්කාරය

මී පැණි මගින් හිසකෙස්වල තෙතමනය ආරක්ෂා කරගත හැකියි‍. ඒ වගේම එහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය මගින් හිසකෙස් කැඩී යාම පාලනය කරමින් ශක්තිමත් කරනවා. වෙළඳපොලේ ඇති නිශ්පාදන වලට වඩා නිවසේදී සෞඛ්‍යාරක්ෂීතව සකසා ගත හැකි මෙම සංයෝගය මගින් ඔබේ හිසකෙස් වලට පෝෂණයක් ලබාගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • මී පැණි කෝප්ප ¼
  • හිසේ ගැල්වීමට භාවිතා කරන තෙල් ස්වල්පයක්
  • ඔබ භාවිතා කරන කන්ඩිෂනර් ස්වල්පයක්

සියල්ල හොදින් මිශ්‍ර‍කර වියළි හිස් කබලේ ආලේප කරන්න.විනාඩි 20-25 හොදින් සම්බාහනය කර සෝදාහරින්න.පසුව සාමාන්‍ය පරිදි කොන්ඩය ෂැම්පු කර හෝදාහරින්න. මෙම වට්ටෝරුවෙන් නිතර අවුල් වන අකීකරු කෙස් කලඹ කීකරු අලංකාර කෙස් කලඹක් බවට පත්කරනවා.

කෙසෙල් සත්කාරය

කාන්තාවන් අතර ඉතා ජනප්‍රිය විලාසිතාවක් තමයි කඩා හැලෙන ආකාරයට ( Loose Hair ) කොන්ඩය සැකසීම. හිසෙහි තෙල් ගතිය අධික වූ විට මෙවැනි කොන්ඩයකට හිමිකම් කියන්නට ටිකක් අමාරුයි. ඔබේ හිසකෙස්වල තෙල් ස්වාභාවය වැඩි නම් මෙම කෙසෙල් සත්කාර ඔබට ගැළපෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

  • කෙසෙල් ගෙඩි-1
  • යෝගට් මේස හැදි-2
  • විටමින් E කරල්-1

සියල්ල මිශ්‍ර‍කර හිස් කබලේ හොදින් ආලේප කරන්න.විනාඩි කිහිපයක් හොදින් සම්බාහනය කර සෝදාහරින්න.පසුව සාමාන්‍ය පරිදි කොන්ඩය ෂැම්පු කරගන්න. මෙම සත්කාරය සති දෙකකට වතාවක් කිරීම ප්‍රමාණවත්. ඔබේ වරලසට සුමුදු සිනිදු බවක් ලබා ගැනීමට මෙම වට්ටෝරුව භාවිතයට ගත හැකියි.

පොල් කිරි සත්කාරය

පොල් කිරි තුළින් හිසකෙස් වලට ස්වාභාවික තෙතමනය ලබාදෙනවා වගේම වැඩි වේගයකින් හිසකෙස් වර්ධනය සිදු වෙනවා. ඒ ‌වගේම හිසකෙස්වල ගණකමද ‌වැඩි වෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

  • පොල්කිරි තේ හැඳි 1
  • හිසේ ගැල්වීමට භාවිතා කරන තෙල් ස්වල්පයක්

පොල් කිරි සහ තෙල් මිශ්‍ර‍කර වියළි කොන්ඩයට ගල්වන්න.මෙම ක්‍ර‍මය කලයුත්තේ නින්දට යාමට පලමුවයි. මෙමඟින් සම්පූර්ණයෙන් කෙස් වියලි ස්වභාවය නැතිකරනවා.

ලෙමන් සත්කාරය

හිසකෙස් සුදු වීමට විවිධ හේතුන් බලපානවා. ශරීරයේ මෙලනින් අවම වීම, පෝෂණයෙන් අඩු ආහාර අනුභවය, පරිසර දූෂණය, දුම්පානය වගේම හෝමෝන ක්‍රියාකාරිත්වය වැනි හේතූන් නිසා මෙය විය හැකියි. හිසකෙස් සුදු වීම වැළැක්වීමට පොල්තෙල් හා ලෙමන් යුෂ යොදා සිදු කළ හැකි සත්කාරයක් තමයි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය

  • ලෙමන් යුෂ මේස හැදි 3
  • පිරිසිදු පොල්තෙල්

සියල්ල හොඳින් මිශ්‍ර කර හිසේ සහ හිසකෙස් මත ආලේප කර පැයක කාලයක් තබන්න. ඉන්පසුව ෂැම්පු වර්ගයක් භාවිතා කර හිසකෙස් හොඳින් සෝදා ගන්න. සතියට වරක් මෙම සත්කාරය සිදුකිරීමෙන් යහපත් ප්‍රතිඵල අත්කරගන්න පුළුවන්. පොල්තෙල් වල අඩංගු මේද අම්ල සහ Lauric acid හිසකෙස් වර්ධනයට හේතු වෙනවා. ලෙමන් තුළින් ලැබෙන විටමින් C අවපැහැ ගැන්වුණු හිසකෙස් නැවත යථා තත්ත්වයට පත් කරගත හැකියි.


News Articles
Latest Videos
Most Popular Post