News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
16

ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ ඩී.එස්. ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

1032 Views


ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ ඩී.එස්. ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට (1982) ක්‍රීඩා කළ ප්‍රවීණ පාදඟ පන්දු යවන ක්‍රීඩක සහ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ද දරා ඇති ඩී.එස්. ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වන විට 83 වන වියේ පසුවූ ඔහු ලන්ඩනයේ දී අවසන් හුස්ම හෙළා ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කර තිබෙන බවට වාර්තා වනවා. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ආරම්භක කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ද ඩී.එස්. ද සිල්වා, ටෙස්ට් තරඟ දෙකකදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා ඇති අතර, 2009 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post