News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
18

කලකිරුණු අමෙරිකානු ත්‍රස්ත මර්දන ප්‍රධානී ඉල්ලා අස්වෙයි

14 Views


කලකිරුණු අමෙරිකානු ත්‍රස්ත මර්දන ප්‍රධානී ඉල්ලා අස්වෙයි

ඉරානය සමඟ පවතින යුද්ධය ඊශ්‍රායලයේ සහ ඇතැම් ඇමරිකානු පාර්ශවයන්ගේ බලපෑම මත පදනම් විරහිතව ආරම්භ කළ එකක් බව පවසමින්, අමෙරිකානු ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෝශප් කෙන්ට් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ්ගේ ප්‍රධාන සහායකයෙකු වන ඔහු පෙන්වා දෙන්නේ, ඉරානයෙන් අමෙරිකාවට සෘජු තර්ජනයක් නොමැති පසුබිමක වැරදි තොරතුරු මත පදනම්ව සිදුකරන මෙම යුද්ධය අමෙරිකානු ජීවිත සහ ධනය විනාශ කරන උගුලක් බවයි. මෙය ඉරාක යුද්ධයේදී අනුගමනය කළ වැරදි උපක්‍රම නැවත ක්‍රියාත්මක කිරීමක් බවට ඔහු චෝදනා කරන අතර, ට්‍රම්ප්ගේ පරිපාලනය තුළ ඉරාන යුද්ධයට එරෙහිව ඉල්ලා අස්වූ පළමු ඉහළ පෙළේ නිලධාරියා ඔහුයි.

“ඉරානයට එරෙහිව සිදුවෙමින් පවතින යුද්ධයට මට යහපත් හෘද සාක්ෂියක් ඇතුව සහාය දිය නොහැකියි. ඉරානය අපේ ජාතියට කිසිදු ආසන්න තර්ජනයක් එල්ල නොකළ අතර, අපි මෙම යුද්ධය ආරම්භ කළේ ඊශ්‍රායලයේ සහ එහි බලගතු ඇමරිකානු කණ්ඩායමක පීඩනය නිසා බව පැහැදිලියි. මැද පෙරදිග යුද්ධ යනු අමෙරිකානු අපේ දේශප්‍රේමීන්ගේ වටිනා ජීවිත කොල්ලකන සහ අපගේ ජාතියේ ධනය හා සමෘද්ධිය ක්ෂය කරන උගුලක්. ට්‍රම්ප් පරිපාලනයේ මුල් අවධියේදී, ඉහළ පෙළේ ඊශ්‍රායල නිලධාරීන් සහ ඇමරිකානු මාධ්‍යවල බලගතු සාමාජිකයින් යුද්ධය පිළිබඳව මතයන් පතුරුවා ඉරානය සමඟ යුද්ධයක් දිරිගැන්වීම සඳහා යුද්ධයට පක්ෂ හැඟීම් වැපිරූවා. ඒ සඳහා වැරදි තොරතුරු ව්‍යාපාරයක් ද දියත් කළා.
ඉරානය එක්සත් ජනපදයට ආසන්න තර්ජනයක් එල්ල කරන බව විශ්වාස කිරීමට අපව පෙළඹවුවා. ඔවුන් පැවසුවේ ‘ඔබ දැන් ඉරානයට පහර දුන්නොත්, ඉක්මන් ජයග්‍රහණයකට පැහැදිලි මාවතක් තිබෙනවා’ කියයි. මෙය බොරුවක්. අපගේ ජාතියට අපගේ හොඳම පිරිමින් සහ ගැහැනුන් දහස් ගණනකගේ ජීවිත අහිමි කළ විනාශකාරී ඉරාක යුද්ධයට අපව ඇද ගැනීමට ඊශ්‍රායල ජාතිකයන් භාවිතා කළ උපක්‍රමයම එයයි. අපට නැවතත් මෙම වැරැද්ද කළ නොහැක” ලෙසයි ජෝශප් කෙන්ට් පවසා තිබුණේ.


News Articles
Latest Videos
Most Popular Post