ඊයේ දිනයේ මෙරටින් නව ආසාදිතයින් 2,028 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන අතර එම ගණන 307 ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 302 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් 253 දෙනෙකු, වාර්තා වී තිබෙනවා. ආසාදිතයින් හමුවු ප්‍රදේශ පහතින්,
මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකකට පමණක් සීමා කිරීමට පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබෙනවා. ඒ අනුව 22 සහ 23 යන දින දෙක තුළ පමණක් මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
තලවාකැලේ – ලිඳුල නගරාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තලවාකැලේ නගරයේ ශාලාවක උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් එලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, තලවාකැලේ නගරයේ ශාලාවක උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් එලෙස ඔවුන් අත්අඩංගුවට ගත් බවය.
අද සිට සීමාවන්ට යටත්ව මත්පැන් විකිණීම සඳහා සූරාබදු බලපත්‍ර ඇති ස්ථාන, සූරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙනවා. එම සම්පූර්ණ නිවේදනය පහතින්,
අද උදෑසන 4 සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කර තිබෙනවා. ඒ අනුව කොත්මලේ පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 5ක් මෙලෙස හුදකලා කර තිබෙන අතර කලුදමද, හපුගස්තලාව, වීරපුර, බෙරමණ දකුණ සහ පහළගොරක ඔය යන ග්‍රාම නිලධාරි වසම් මෙලෙස හුදකලා කිරීමට කටයුතු කර තිබෙනවා.
බස්නාහිර, මධ්‍යමසහසබරගමුවපළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටසහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.
හෙට සිට ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් හදුන්වා දී තිබෙනවා. ඒ අනුව හෙට සිට සංචරණ සිමාවන් ඉවත් කිරීමේදී සෑම පළාතකටම පොදුව ලිහිල් කරනු ලබන සිමාවන් සහ බස්නාහිර පළාතට පමණක් සිදු කරනු ලබන සමහර සිමාවන් පහත වගුවේ සදහන් වෙනවා.
හෙට අලුයම 04 සිට දිස්ත්‍රික්ක 12 ක ග්‍රාම නිලධාරී වසම් ගණනාවක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. එම හුදකලා කෙරෙන ප්‍රදේශ පහතින්,
පෙරේදා සිදු වූ බවට තහවුරු කරන ලද කොරෝනා මරණ 54 ක් වාර්තා වී තිබෙන අතර ඒ අනුව මෙරට සමස්ත මරණ ගණන 2500 ඉක්මවා ගොස් තිබෙනවා. එම ගණන 2534ක්.
බස්නාහිර, මධ්‍යම,සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.
වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ට ස්ථාන මාරුවක් ලබාදී තිතිබෙනවා. ඒ අනුව ඒ මහතා ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබෙනවා. ,වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇත්තේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතායි.
බස්නාහිර, මධ්‍යම,සබරගමුවසහවයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටසහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.