Dambulla Aura කණ්ඩායමේ නායක දසුන් ශානක හට දඩයක් නියම කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පසුගිය 8 වැනිදා පැවති තරගයේදී විනිසුරු තීරණයකට විරුද්ධත්වය පල කිරීම හේතුවෙන් මෙම දඩමුදල පනවා ඇති බවයි සඳහන් වන්නේ.
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. පුත්තලම, අම්පාර, මඩකලපුව, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං […]
තද වැසි සහ තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා. එය අද (08) උදෑසන 9.30 සිට හෙට (09) උදෑසන 9.30 දක්වා බලපැවැත්වේ. ඒ අනුව උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් සඳහා එම නිවේදනය අදාළ වේ. නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වී ඇති “මැන්ඩවුස්” සුළි කුණාටුව බටහිරට බරව වයඹ දෙසටය ගමන්කර […]
වාතයේ ගුණාත්මක භාවය අතිශය සෞඛ්‍ය සම්පන්න නොවන මට්ටමකට පැමිණීමත් සමඟ දරුවන්, වැඩිහිටියන්, ගර්භනී මව්වරුන් හා නිදන්ගත රෝග, ශ්වසන රෝග ඇති පිරිස් වෙත බලපෑමක් එල්ලවිය හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය චන්න ද සිල්වා පවසනවා. ඒ අනුව මෙම තත්ත්වය සමනය වන තුරු දරුවන් අනවශ්‍ය ලෙස බාහිර පරිසරයට යොමු කිරීමෙන් හැකි පමණ වළක්වා ගැනීම වැදගත් බවයි […]
මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරීන් සදහා යොදවා ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ සාමාජික පිරිස වෙනුවට අනුයුක්ත කරනු ලබන අනුප‍්‍රාප්තික ගුවන් හමුදා භට කණ්ඩායමේ සාමාජිකයින් 109 දෙනෙකු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් මධ්‍යම අප‍්‍රිකානු ජනරජය බලා පිටත්ව යන ලදි. ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව 2014 වර්ෂයේ සිට මේ දක්වා සාම සාධක හමුදා […]
වායුගෝලයේ දූවිලි අංශු ඉහළ යෑමෙන් කොළඹ අහස මීදුම වැනි දුමාරයකින් වැසී ගොස් තිබෙන අයුරු අදත් දැකගත හැකි විය. එම තත්ත්වය ඊයේ (07) දිනයේ දීද පැවති අතර, සුළං සහිත කාලගුණික තත්ත්වයත් සමග ඉන්දියානු අර්ධද්වීපයේ ඇති දූවිලි අංශු මෙරටට ගලාඒම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසීය. මේවනවිට දිවයිනේ ප්‍රදේශ රැසක වායු […]
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ත්‍රිකුණාමලය සිට කි.මී. 370ක් පමණ නැගෙනහිර දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය “මැන්ඩුවොස්” සුළි කුණාටුව බවට වර්ධනය වී ඊයේ (07) රාත්‍රී 11.30 වන විට අක්ෂාංශ 9.2N සහ දේශාංශ 84.6Eආසන්නයේ ස්ථානගතව පැවතුනි. එය තවදුරටත් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර දෙසැම්බර් 09 රාත්‍රී කාලය වන විට නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු […]
පෞද්ගලික රෝහලකදී ඉන්ද්‍රියන් බද්ධ කළ බව කියන සිද්ධිය පිළිබඳව ඇතැම් මාධ්‍ය මගින් පළ වු වාර්තා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට සත් පුද්ගල විමර්ශණ කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පත් කර ඇත. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකු ඇතුළු කණ්ඩායමක් මේ සඳහා පත් කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. […]
ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ තුන්වන අදියර අද (06) සිට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මට්ටමේ එකම දේශීය ක්‍රිකට් තරගාවලිය වන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 05ක් එක්ව සිටී. කලම්බු ස්ටාර්ස්, ජැෆ්නා කිංග්ස්, ගෝල්ඩ් ග්ලැඩියේටර්ස්, කැන්ඩි ෆැල්කන්ස් සහ දඹුල්ල අවුරා යන කණ්ඩායම් මෙවර LPL තරගාවලිය සඳහා තරග වදින අතර මෙම සෑම කණ්ඩායමකටම දේශීය […]
ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ පහත පරිදි වේ.
සියලුම සිවිල් රාජ්‍ය නිලධාරීන් වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට අනිවාර්යයෙන්ම සේවයෙන් විශ්‍රාම ගතයුතු බවට වන නියෝගය ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර තිබේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අත්සනින් යුක්තව අදාළ ගැසට් පත්‍රය ඊයේ (05) දිනයේ ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව එම නියෝගය ලබන වසරේ ජනවාරි මස පළමුවන දින සිට බලාත්මක වනු ඇත.
දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ සහ ඊට යාබද ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය අද (06) වන දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පසුව එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කරමින් ක්‍රමයෙන් සුළි කුණාටුවක් බවට වර්ධනය වී නිරිතදිග බෙංගාල බොක්ක හරහා දෙසැම්බර් 8 […]