ජපානයේ සිට කෝටිපති ජපන් තරුණියක පැහැරගෙන ආ බවට චෝදනා එල්ල වූ තරුණයා අද ඇප ලබා පිටව ගියා. සති දෙකකට ඉහතදී අදාළ තරුණයාට ඇප හිමි වුව ද දින 14ක් නිරෝධායනයට යොමුකර තිබීම හේතුවෙන් ඔහුට පිටව යාමට හැකි වුයේ නැහැ. මෙරටින් ජපානයට පිටත්ව ගිය 23 හැවිරිදි තරුණයෙකු කෝටිපති පවුලක 15 හැවිරිදි තරුණියක පැහැරගෙන ආ බවට තොරතුරු වාර්තා […]
සිංගප්පූරුවේ සහ මැදපෙරදිග රටවලට ගොස් යළි මෙරටට පැමිණීමට නොහැකිව සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 100දෙනෙකු අද දිවයිනට පැමිණියා. ඒ අනුව සිංගප්පූරුවේ සිට 08 දෙනෙකු, සෞදි අරාබියේ රියාද් සිට 50 දෙනෙකු, සහ කටාර් රාජ්‍යයේ දෝහා සිට 42දෙනෙකු ද එලෙස පැමිණ තිබෙනවා. කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි මෙම පිරිස කොළඹ පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් […]
ශ්‍රී ලංකාවේ කොරෝනා අධි අවදානම් සහිත ප්‍රදේශ පිළිබඳ නවතම සිතියම ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා. සෞඛ්‍ය අංශවල වෛද්‍ය නිලධාරීන් වර්ගීකරණය කිරීම, වාර්තා වූ සිද්ධීන් ගණන සහ නිරෝධායන මධ්‍යස්ථාන බෙදා හැරීම මත පදනම්ව මෙම සිතියම නිකුත්කර තිබෙනවා. එමෙන්ම මේ මස 7 වැනිදා සිට ගෙවුණු දින 14 පදනම්කර ගනිමින් අදාළ සිතියම සකස්කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග […]
චීනය මගින් නිපදවන කොරෝනා එන්නතේ සාර්ථකත්වය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍යාංශය චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබෙනවා. චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා වෙත ලිපියක් යොමු කරමින් එම වාර්තාව ඉල්ලා සිටි බව රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසුවා. චීනයේ නිෂ්පාදිත එන්නත […]
මීගමුව ප්‍රදේශයේදී පුද්ගලෙයකු තියුණු ආයුධවලින් කපා කොටා බරපතල තුවාල සිදුකර ඝාතනය කිරීමට උත්සාහ කළ කෝටිපති ව්‍යාපාරිකයෙකු ඇතුළු දෙදෙනෙකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබෙනවා. පහර කෑමට ලක් වූ පුද්ගලයා විසින් පහර දුන් කෝටිපති ව්‍යාපාරිකයාගේ බිරිද සමග අනියම් ඇසුරක් පවත්වනු ලැබ ඇති අතර ව්‍යාපාරිකයා අදාළ පුද්ගලයාට එම ඇසුර නවත්වන ලෙස කිහිප වතාවක් පවසා […]
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කෙරුණු විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් අල්විස් මහතා අද සිය ධුරයේ රාජකාරී ආරම්භ කළා. මේජර් ජෙනරල් ජගත් අල්විස් මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙක්. ත්‍රස්තවාදයට එරෙහි මානූෂීය ක්‍රියාන්විතයේ ජනාධිපති ආරක්ෂක සේනාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජගත් අල්විස් මහතා, යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා ලෙස ද කටයුතු කළ අයෙක්. එමෙන්ම […]
කොරෝනා වෛරසයට එරෙහි සාර්ථක එන්නතක් ලෙස දැනට පවතින ෆයිසර් එන්නත පළමුවෙන් ලබාගත් කිහිප දෙනා අතර බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු ද සිටින බව වාර්තා වනවා. පසුගිය 8වැනිදා අදාළ එන්නත ලබාදීම බ්‍රිතාන්‍යය තුළ ආරම්භ කළ අතර එදිනම එම එන්නත ලබා ගැනීමේ අවස්ථාව ඔහුට හිමි වුණා. ඒ, ඔහු දකුණු එංගලන්තයේ සරේහි ෆ්‍රිම්ලි පාර්ක් රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර […]
මහනුවර, දිගන ප්‍රදේශය ආශ්‍රිතව දිගින් දිගටම සිදු වූ භූ කම්පන සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කෙරුණු කමිටුවේ වාර්තාව මේ මස අග වනවිට නිකුත් වීමට නියමිතව තිබෙනවා. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් විශේෂඥයින් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළේ, පසුගිය 19 වැනිදායි. දැනට ඒ සම්බන්ධයෙන් පවත්වන ලද […]
කොරෝනා වෙෙරසයට එරෙහිව ක්‍රියා කරන එන්නත ලබා දිය හැකි මෙරට අවදානම් තත්ත්වයේ පසුවන කණ්ඩායම් තුනක් හඳුනාගෙන තිබෙනවා. විශේෂ සම්බන්ධීකරණ කමිටුවක් මගින් කළ සොයා බැලීමකදී ඒ බව හෙළි වී ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ.
කොරෝනා වෙෙරසය ආසාදනය වී වාලච්චේන, පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබූ සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔවුන් අදාළ මධ්‍යස්ථානයේ භාණ්ඩ කිහිපයක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළවයි. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, ප්‍රතිකාර ලැබූ අදාළ පුද්ගලයින් සිව්දෙනා පසුගිය 12 වැනිදා ඉන් පිටව යෑමට නියමිතව තිබූ බවයි. එහෙත් ඔවුන් අදාළ මධ්‍යස්ථානයේ ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු […]
සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු ලෙස සැළකෙන අංගොඩ ලොක්කා සහ සොල්ටා නැමැත්තන්ට ගිනි අවි සැපයූ පුද්ගලයෙකු අංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී මෙරටදී නිෂ්පාදනය කළ ගිනිඅවි 02ක් සහ T56 උණ්ඩ 18ක් ද පොලිස් විශේෂ කාර්යය බලකා භාරයට ගැනුණා. පොලිසිය පැවසුවේ, අදාළ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවන්ට ආයුධ සැපයූ පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.
ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ කළම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පළමු අවසන් පූර්ව තරගය ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. තරඟයේ පළමුව පන්දුවට පහර දුන් කළම්බු කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 150ක් රැස් කළා. ඩැනියෙන් බෙල් ඩ්‍රාමන්ඩ් ලකුණු 70යි. පන්දු යැවීමේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ලක්ෂාන් සඳකැන් කඩුලු 3ක් බිඳ […]