තවමත් කොරෝනා අසාදිත හා මරණ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ කොටසකට යලිත් ඊයේ මැදියම් රැයේ සිට ක්‍රියාත්මක වන පරිදි අගුලු දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ එම ප්‍රාන්තයෙන් වැඩි වශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සැලකිල්ලට ගෙනයි. මේ හේතුවෙන් ප්‍රාන්ත වැසියන්ට නිවෙස් වලට වී සිටින ලෙස ට බලධාරීන් දැනුවත් කර තිබෙන අතර ව්‍යාපාර ස්ථාන ද […]
මුව ආවරණ නොමැතිව සිටි පුද්ගලයින් 9 දෙනෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද දඩ නියම කළා. එක් පුද්ගලයෙකුට රුපියල් 3000 බැගින් එලෙස දඩ නියමකර තිබෙනවා. මුව ආවරණ නොමැතිව හබරාදූව නගරය ආශ්‍රිතව ගමන් කරමින් සිටි පුද්ගලයින් 9 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිසෙන් 344 දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 20,804ක් දක්වා ඉහළ ගියා.
ශ්‍රී ලංකා ප්රිමියර් ලීග් තරඟාවලිය සඳහා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල ඇතුළු වී තිබෙනවා. පසුගියදා පැවති ශ්‍රී ලංකා ප්රිමියර් ලීග් ක‍්‍රීඩක වෙන්දේසියේදී රමිත් රඹුක්වැල්ලට ගැනුම්කරුවකු ඉදිරිපත් වී නැහැ. දඹුල්ල කණ්ඩායමේ අෆ්ටාබ් අලාම් තරගාවලියෙන් ඉවත්වීම නිසා රඹුක්වැල්ලට මෙම අවස්ථාව ලැබී ඇති අතර ඒ අනුව රමිත රඹුක්වැල්ල දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ සංචිතයට ඇතුළත් වී තිබෙනවා. මේ වනවිට […]
ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, මුඛ ආවරණ නොපැළදීම සහ දුරස්ථභාවය තබා නොගැනීම යන හේතුන් මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
මේ වන විට මාරාන්තික කොරෝනා වෛරසයට ගොදුරු වී සිටින ඉන්දියාව නව හදුනානොගත් රෝගයක් හේතුවෙන්පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් රෝහල්ගත කර තිබෙන බව එරට වාර්තා සදහන් කරනවා. අදාල රෝගී පුද්ගලයින් ට වමනය සහ ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස පෙන්නුම් කර තිබෙනවා.
ඉදිරි වසර 5ක කාලය සඳහා ආදායම් බද්දෙන් ධීවරයින් නිදහස් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ගන්ධර ධීවර වරායේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ එක් වෙමින්. මීටර 300කින් යුත් ප්‍රධාන දියකඩනයකින් සැදුම්ලත් මෙම යෝජිත වරාය තුළින් බහුදින යාත්‍රා 400ක් පමණ ධීවර කටයුතු සඳහා යෙදවීමට සැළසුම්කර තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය […]
කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන, “මීටරෙන් ජීවිතේ” ස්ටිකර් ඇලවීමේ වැඩසටහන ස්ථාන රැසකදී මේ වනවිට පැවැත්වෙනවා. එම වැඩසටහනේ තවත් අදියරක් පසුගියදා ක්‍රියාත්මක කෙරුණේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව අන්තර් හුවමාරුව ආශ්‍රිතවයි. අධිවේගී මාර්ගයේ කොක්මාදූව පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් කොක්මාදූව අන්තර් හුවමාරුව හරහා ධාවනය කෙරෙන වාහනවල ස්ටිකර් අලවා ජනතාව දැනුවත් […]
මධ්‍යම පළාතේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් මහනුවර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මහනුවර දිස්ත්‍රිකකයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 383ක්. එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 194 දෙනෙක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 54ක් ලෙස වාර්තා වී තිබෙනවා. අදාළ දත්තවලට අනුව අද උදෑසන වනවිට මධ්‍යම පළාත තුළින් හඳුනාගෙන ඇති නව ආසාදිතයින් […]
වෘත්තීය සමිති කිහිපයක වනජීවි නිලධාරීන් එක්ව මේ වනවිට දීපව්‍යාප්ත සංඛේත වැඩවර්ජනයක නිරත වනවා. ඔවුන් පවසන්නේ, පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සිදු වන නීති විරෝධි ක්‍රියා නතරකර, ස්වාභාවික සම්පත් සුරක්ෂිතකර දෙන ලෙසයි. ඒ සඳහා රජය නිසි පියවරක් නොගතහොත් ඉදිරියේදී දීප ව්‍යාප්තව අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි අදාළ වෘත්තීය සමිති නායකයින් පවසන්නේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් නිරෝධායනය සඳහා යොමුකර තිබෙන බව වාර්තා වෙනවා. ඒ වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සේවය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් PCR පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත බවට තහවුරුවීමත් සමගයි. ඒ අනුව ඔහු සමග සේවය කල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් මෙලෙස නිරෝධායනය සදහා යොමු කර තිබෙනවා.
කල් දැමුණු අධ්‍යාපන පොදු සහතින පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මස පළමුවැනිදා සිට එම මස 11වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා. සාමාන්‍ය පෙළ විභාගය මින් පෙර පැවැත්වීමට සැළසුම්කර තිබුණේ ලබන වසරේ ජනවාරි මස 18වැනිදා සිට 27වැනිදා දක්වායි. එහෙත් රට තුළ පැතිර යන වසංගත තත්ත්වය හේතුවෙන් […]