“බුරවි” සුළි කුණාටුව අද උදෑසන 11.30 වනවිට ත්‍රිකුණාමලයට කිලෝ මීටර 140ක් නැගෙනහිරට බරව පැවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ, එම පද්ධතිය අද රාත්‍රී 7ත් 10ත් අතර ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ඊසානදිග වෙරළෙන් දිවයිනට ඇතුළු විය හැකි බවට බලාපොරොත්තු වන බවයි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නව නිවේදනය පහතින් […]
මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ පිරිස 18 ,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අද සුවය ලැබූ 487 දෙනාත් සමගයි. ඒ අනුව මෙරට මේ වන විට සුවය ලැබූ සමස්ත ගණන 18,304ක්.
පළමු ශ්‍රේණියට ළමයෙක් ඇතුලත් කර ගැනීම සදහා රුපියල් ලක්ෂ එකහමාරක අල්ලසක් ඉල්ලා එය ලබා ගැනීමේදී විදුහල්පතිනියක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එම කොමිසමට ලද පැමිණිල්ලකට අනුව මෙලෙස මෙම වැටලීම සිදු කර තිබෙනවා.
ශ්‍රී ලංකාව හරහා ගමන් කරන බුරවී සුළි කුණාටුවෙන් ඇති විය හැකි ආපදා තත්වය සැලකිල්ලට ගෙන නුවරඑළිය වලපනේ – පදියපැලැල්ල මාර්ගයත් මලපට්ටාව ප්‍රදේශයෙන් අද පස්වරු 6.00 සිට වසා දැමීමට පියවර ගෙන තිබෙනවා
විදයානුකූලව වැඩි දියුණු කරන ලද මස් සඳහා සිංගප්පුරුවේ අනුමැතිය හිමි ව තිබෙනවා. මේ අනුව වැඩි දියුණු කළ කුකුල් මස් විකිණීමේ අවසරය එරට සමාගමකට හිමිව තිබෙනවා. මේ සදහා ඝාතනය කළ සතුන්ගෙන් මාංශ ලබාගෙන නොමැත බව සදහන්.
බුරවී සුළි කුණාටුව අද රාත්‍රී 07 – 10 ත් අතර කාලය තුල දිවයිනට ඇතුළු වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. මේ හේතුවෙන් දිවයිනේ හරහා හමන සුළගේ වේගය පැයට කිලෝමීටර 100 දක්වා වැඩි විය හැකි බවට කාලගුණයෙන් අනතුරු ඇගවීමක් සිදු කරනවා. මේ අතර උතුරු , උතුරු මැද , වයඹ , නැගෙනහිර , බස්නාහිර , සබරගමු […]
ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පියෙකු වන සනී ඩියෝල්ටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කර තිබෙනවා. ඇති වූ අසනීප තත්වයකට ප්‍රතිකාර ගැනීමට පැමිණි අතර තුරේදී සිදු කරන ලද pcr පරීක්ෂනයට අනුවයි ඒ බව හදුනාගෙන තිබෙන්නේ.
ශ්‍රී ලංකාව හරහා ගමන් කරන බුරවී සුළි කුණාටු තත්වය නිසා උතුරු පළාතේ පාසල් දින දෙකකට වසා තැබීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.
ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෙම පත්වීම සිදු කර තිබෙනවා.
ඊයේ දිනය තුල මෙරට කොරෝනා ආසාදිතයින් 545 දෙනෙක් හදුනාගෙන තිබෙනවා. මේ අතර ප්‍රදේශයක් තුල වැඩිම කොරෝනා ආසාදිතයින් ඊයේ වාර්තා වුයේ අටළුගම ප්‍රදේශයෙන් ය. මෙම ආසාදිතයින් හදුනා ගෙන ඇත්තේ ඊයේ දිනයේදී සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලදී ය.
මේ වන විට සුළි කුණාටු තත්වයක අවදානමක් ශ්‍රී ලංකාවට බලපා තිබෙන අතර එම අයහපත් කාලගුණය පිලිබදව තොරතුරු සදහා 117 නව දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා. ඒ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින්.
අතවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට වත්තල ප්‍රදේශ කිහිපයකට උදෑසන 10 සිට අනිද්දා පෙරවරු 04 00 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. ඒ අනුව මෙලෙස ජල සැපයුම අත් හිටවනු ලබන ප්‍රදේශ වන්නේ , බලගල, ගලගහදුව, මරදාන පාර,ඇළකන්ද , හේකිත්ත, පල්ලියවත්ත, හැඳල මාර්ගයටයි.