News Line| Off Air
Generic placeholder image

Nov
25

තවත් 485 දෙනෙක් සුවය ලබයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 485 දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව ගියා. ඒ අනුව මේ වනවිට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 15,000 ඉක්මවූ අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ, 15,447ක් ලෙසයි.


Nov
25

රිෂාඩ් බදියුදීන්ට ඇප

Generic placeholder image

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයා මුදා හැරුණු අතර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඇපකරුවන් ඔහුගේ ළඟම ඥාතීන් විය යුතු බවයි. එමෙන්ම අධිකරණය රිෂාඩ් මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනමක් […]


Nov
25

පාදුක්ක ප්‍රදේශයෙන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

Generic placeholder image

පාදුක්ක – හොරණ පාරේ නිවසක් පිටුපස වැටී ජීවිතක්‍ෂයට පත්ව සිටි පුද්ගලයෙකුගේ සිරුරක් පාදුක්ක පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ ජිනදාස නමැති වයස අවුරුදු 72 ක් පමණ පුද්ගලයෙක් වන බවයි කරන ලද අනාවරණයෙන් හෙළිව ඇත්තේ. නිවසේ පිටුපස වැටී මිය ගොස් සිටියදී අදාල පුද්ගලයා ගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.


Nov
25

පාසල් විවෘත කළ ප්‍රදේශවල පාසල් සිසුන් ප්‍රවාහනයට බස් රථ 600 ක්

Generic placeholder image

මේ වන විට පාසල් විවෘත කළ ප්‍රදේශවල පාසල් සිසුන් ප්‍රවාහනය කිරීම සදහා බස් රථ 600 කට ආසන්න ප්‍රමාණයක් යොදවා තිබෙන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සදහන් කරනවා.


Nov
25

ඊයේ දිනයේ හමු වූ කොරෝනා රෝගීන් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 458 දෙනෙකු හදුනාගත් අතර එයින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම ගණන 259ක්. කළුතරින් 78 දෙනෙක් ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 23 දෙනෙකු ද හදුනා ගැනුණා. මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදනය වූ සමස්ථ අසාදිතයින් ගණන 20,965ක් වන අතර ඉන් රෝගීන් 14,961ක් මේ වන විට සුවය ලබා […]


Nov
25

අයවැය කාරක සභා අවස්ථා තෙවන දින විවාදය අදයි

Generic placeholder image

අද දිනයේ අයවැය කාරක සභා අවස්ථා තෙවන දින විවාදය පැවැත්විමට නියම්තයි. අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භවීමට නියමිත අතර එහිදී ජනමාධ්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යාංශවල වැයශිර්ෂ විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.


Nov
25

කෙටි කලක් තුල පෙර පාසැල් ආරම්භ කිරීමටත් සැළසුම්

Generic placeholder image

මේ වන විට කොරෝනා වෛරසය හමුවේ පාසැල්වල ප්‍රාථමික ශ්‍රේණි හා පෙර පාසල් ආරම්භ කිරීමට නොහැකිව තිබෙනවා. කෙසේ වෙතත් ඉතාමත් කෙටි කලක් තුල පෙර පාසැල් සහ ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සදහන් කරනවා.


Nov
25

නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වලට තද වැසි හා සුළං

Generic placeholder image

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” සුළි කුණාටුව ඊයේ රාත්‍රී (24) 11.30 වන විට චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ලංකාවේ කන්කසන්තුරය වෙරළට කි.මී. 230ක් නැගෙනහිරින් (10.1N, 82.1E) ස්ථානගතව පැවතුනි. එය ඉදිරි පැය 24ක කාලය තුල ඉතා චන්ඩ සුළි කුණාටුවක් බවට පත්වෙමින් දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ හරහා ගමන් කරනු ඇතැයි […]


Nov
24

තවත් ආසාදිතයින් 171ක් හඳුනා ගනියි

Generic placeholder image

නව ආසාදිතයින් 171 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එම ආසාදිතයින් සියලු දෙනා පෑලියගොඩ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ හඳුනාගත් දිවලුපිටිය සහ පෑලියගොඩ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සංඛ්‍යාව 458ක්. එහි සමස්තය දැක්වෙන්නේ 17,436ක් ලෙසයි.


Nov
24

තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වෙයි

Generic placeholder image

තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. ගිනිගත්හේන ප්‍රදේශයේ 74 හැවිරිදි පුද්ගලයෙක්, සියඹලාපේ ප්‍රදේශයේ 54 හැවිරිදි පුද්ගලයෙක්, බණ්ඩාරගම ප්‍රදේශයේ 42 හැවිරිදි පුද්ගලයෙක් සහ කොළඹ 15 ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 94ක් දක්වා ඉහළ ගියා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද […]


Nov
24

“නිවාර්” කන්කසන්තුර‍යට නැගෙනහිරින් ස්ථානගත වෙයි – ධීවර ප්‍රජාවට මුහුදු යෑමෙන් වළකින්නැයි තවදුරටත් උපදෙස්

Generic placeholder image

නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින නිවාර් සුළි කුණාටුව අද පස්වරුව වනවිට කන්කසන්තුරය වෙරළට කිලෝ මීටර 280ක් නැගෙනහිරින් ස්ථානගතව පැවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එය ඉදිරි පැය 36 තුළ ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි. තවදුරටත් උතුරු සහ නැගෙනහිර මුහුදේ ධීවර හා නාවික කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙසයි […]


Nov
24

මහනුවර භූ කම්පනයට හේතුව හුණු ගල් කැණීම නොවන බව අනාවරණ වෙයි

Generic placeholder image

පසුගිය දා මහනුවර – දිගන, අලුත්වත්ත, අඹකොටේ, මයිලපිටිය, අනුරවත්ත සහ හාරගම යන ප්‍රදේශවල ඇතිව තිබූ භූ කම්පනයට හේතුව හුණු ගල් කැනීම නොවන බවට ආනරවණ වී ඇතැයි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත් කළ කමිටුව පවසනවා. ඒ පිළිබඳ විද්‍යාත්මක පරික්ෂණයක් සිදුකිරීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපතිවරයා සය පුද්ගල කමිටුවක් පත් කළේ පරිසර අමාත්‍ය මහින්ද […]


News Articles
Latest Videos
Most Popular Post