පාසල් සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තබා තුවාල කිරීමේ වරදට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා ලබන මස 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. එම සිසුවා සිය මිතුරන් සමග ක්‍රීඩා කරමින් සිට ඇති අතර පන්දුව අදාළ වෛද්‍යවරයාගේ නිවස පිහිටි ඉඩමට ගොස් තිබුණා. එය ගැනීම සඳහා ඊට ඇතුළු වූ සිසුවාට කිසිඳු සොයා බැලීමකින් තොරව වෛද්‍යවරයා […]
2019 සහ 2020 යන අධ්‍යයන වර්ෂ වෙනුවෙන් විශ්වවිද්‍යාල සඳහා සිසුන් ලියාපදිංචි කිරීම අදින් ආරම්භ වුණා. මාර්ගගත ක්‍රමයට (Online) ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති අතර ඒ අනුව ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා ලියාපදිංචි විය හැකි වනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ, මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 41,500ක් බවයි.
බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර එය ත්‍රිකුණාමලය වෙරළට කිලෝ මීටර 325ක දුරින් ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඉදිරි පැය 24 තුළ එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවයි. ඉදිරි පැය 48 තුළ එය වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ […]
එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් නිපදවූ කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කරන එන්නත සියයට 70ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම නිෂ්පාදන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ වෛද්‍යවරියක් පෙරමුණ ගෙන කටයුතුකර තිබීම ද විශේෂත්වයක්. කෙසේ වෙතත් කොරෝනා වෛරසයට එරෙහිව ඇමරිකාවේ සමාගම් දෙකක් එක්ව නිෂ්පාදනය කළ එන්නතක් සියයට 95ක සාර්ථකත්වයක් පෙන්නුම්කර ඇති බව පසුගිය දා […]
මේ වන විට අනුමත කිරීමට නියමිතව තිබෙන කොරෝනා එන්නත අමෙරිකානුවන්ට හට ලබා දෙන දිනය තීරණය කර තිබෙනවා. ඒ දිනය ලෙස සදහන් කරන්නේ දෙසැම්බර් 11 වනදා යි. මෙම දිනය එරට කොරෝනා එන්නත් වැඩසටහන මගින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර මේ වන විට ලොව වැඩිම කොරෝනා වෛරසයෙන් පිඩාවට පත් ඇති රට වන්නේ ද ඇමෙරිකාවයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මහජන සේවාවන් සඳහා හෙට සිට යළි විවෘත කිරීමට තීරණයකර තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ, අවම කාර්යය මණ්ඩලයක් සහිතව එම කාර්යාලයේ කටයුතු යළි ආරම්භ කරන බවයි. ප්‍රධාන කාර්යාලය යළි විවෘත කළ ද සේවාවන් ලබා ගැනීම සඳහා කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතු බවයි එම දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් […]
කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 428 දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 14,497ක්. එමෙන්ම තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබන අසාසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ, 5,587ක් ලෙසයි.
මාරාන්තික කොරෝනා වෛරසය ලොව පුරා මේ වන විට තව දුරටත් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක එහි තෙවන රැල්ලක අවදානමක් මේ වන විට ඇති ව තිබෙන බව විශේෂඥවරයන් සදහන් කරනවා. ඔවුන් සදහන් කරන්නේ ලබන වසරේ මුල් කාලය තුල විශේෂයෙන්ම යුරෝපා කලාපය තුල තෙවන රැල්ලක් නිර්මාණය වීමේ පසුබිමක් ඇති බවයි. එය ලෝකයට තව දුරටත් අවදානම් තත්වයක් බව හදුන්වා […]
තාක්ෂණ අමාත්‍යංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යංශය එම නව අමාත්‍යංශ දෙක බව එම ගැසට් නිවේදනයේ දැක්වෙනවා. තාක්ෂණ අමාත්‍යංශයේ ප්‍රධාන විෂය පථය වන්නේ ප්‍රශස්ත තොරතුරු තාක්ෂණය ජාතික සහ ජාත්‍යන්තර විද්‍යුත් සම්බන්ධතාවයන් හා සම්බන්ධීකරණය කරමින් සෞඛ්‍ය, අධ්‍යාපන, සුභ සාධන හා රාජ්‍ය සේවාවන් මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රය කාර්යක්ෂම ලෙස මෙහෙයවීම සඳහා ඩිජිටල් ආණ්ඩුකරණ සේවා ස්ථාපිත කිරීම. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ විෂය […]
ක්‍රීඩා කරමින් සිටින විට සිය පන්දුව වෛද්‍යවරයාකුගේ නිවස පිහිටි ඉඩමට ඇතුළු වී තිබෙන අතර එම පන්දුව රැගෙන ඒමට ගිය සිසුවෙකු හට කිසිදු සොයා බැලීමකින් තොරව අදාල වෛද්‍යවරයා විසින් වායු රයිෆලයකින් වෙඩි තබා තුවාල සිදු කර තිබෙනවා. අදාල සිද්ධියෙන් තුවාල ලැබූ සිසුවා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර සදහා ඇතුලත් කර තිබෙන අතර වායු රයිෆලයකින් වෙඩි තබා තුවාල සිදු […]
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට වර්ධනය වීම නිසා එය සුළි කුණාටුවක් දක්වා තව දුරටත් වර්ධනය වීම නිසා ඉදිරි පැය 24 කින් එම තත්වය ශ්‍රී ලංකාවට බලපාන බවත් නැගෙනහිර උතුරු සහ උතුරු මැද පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වඩා තද වැසි ඇති […]