ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 400ක් හඳුනාගත් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය. ඉන් පුද්ගලයින් 391ක් දේශීයව හඳුනාගත් අතර අනෙක් 9 විදේශීය රටවල සිට මෙරටට පැමිණි ලාංකීකයින් වනවා. ඊයේ දිනයේ දීත් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන ඒ 121කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 112ක් හා මහනුවරින් ආසාදිතයින් […]
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
තණමල්විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයෙක් ඝාතනයට ලක් ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ අදාල පුද්ගලයාට පොල්ලකින් පහරදීමක් සිදු කර තිබෙන අතර එහිදී බරපතල තුවාල ලබා පොලිසියට ලද තොරතුරක් මත ජංගම සංචාර සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් විසින් ඔහුව හම්බන්තොටට රෝහලට ඇතුළත් කර තිබෙන අතර එහි දී මෙම පුද්ගලයා මිය ගොස් තිබෙන බවයි […]
කොළඹ IDH රෝහලෙන් පැනයෑමට තැත් කළ තවත් අයෙක් රෝහල් ආරක්ෂක අංශ විසින් අල්ලාගෙන තිබෙනවා. අදාල පුද්ගලයා ඊයේ සවස එම රෝහලේ වහලයෙන් පැනයෑමට උත්සහ දරා තිබෙන ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු අයෙක් බවට හඳුනාගෙන තිබෙනවා. 22 හැවිරිදි අයෙකු වන ඔහු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පැවසෙන්නේ.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගෙන හුදකලා තිබෙන ප්‍රදේශ මෙන්ම බස්නාහිර පළාත හැර අන් ප්‍රදේශ වල පිහිටි රජයේ පාසල් 6 සිට 13 වන ශ්‍රේණී දක්වා අද දිනයේ විවෘත කර තිබෙනවා. මේ අනුව පාසල් 5100ක අධ්‍යයන කටයුතු අද සිට යළි ඇරඹෙන අතර පුර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රවේද යටතේ සියලු පාසල් විවෘත කර තිබෙන බවයි අධ්‍යාපන බලධාරීන් […]
මේ වන විට හුදකලා කර ඇති කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බලප්‍රදේශ 6ක හුදකලා තත්වයන් අද අලුයම 5 සිට ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල, වැල්ලම්පිටිය,කොළඹ කොටුව සහ කොම්පඤ්ඤවීදිය යන පොලිස් බලප්‍රදේශවල ද ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත සහ ජා – ඇළ යන පොලිස් බලප්‍රදේශ ද හුදකලා තතත්ත්වයෙන් ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත් […]
දිවයිනට නැගෙනහිර දෙසින් පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 06 කාලය තුල පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර ඉදිරි පැය 30ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතී. මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් මස 24 දින වනවිට දිවයිනේ ඊසානදිග වෙරළබඩ ප්‍රදේශ වෙත ලඟා වනු ඇත. නැගෙනහිර, උතුරුසහ උතුරු මැද […]
මෙරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 87ක් දක්වා ඉහළ නංවමින් තවත් සිව්දෙනෙකු මරණයට පත් වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසුවේ, කොළඹ 15, කොළඹ 12, බොරැල්ල සහ කොළඹ 10 යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු එලෙස මියගොස් ඇති බවයි. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරුතුරු ඇතුළත් නිවේදනය පහතින් :
අද මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 20,000 ඉක්මවා ගියා. ඒ, අද රාත්‍රී තවත් නව කොරෝනා ආසාදිතයින් 216 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඔවුන් සියලු දෙනා පෑලියගොඩ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මේ වනවිට දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 16,643ක් වන අතර අද දිනයේ මේ දක්වා කාලය තුළ […]
කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු බැහැර කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පත් කළ විශේෂඥ කමිටුව සිය නිගමනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව එම කමිටුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වා ඇත්තේ, අදාළ මළ සිරුරු ආදාහනය කරන්නේ ද, භූමිදානය කරන්නේ ද යන්න පිළිබඳ අවසන් තීරණයකට එළැඹෙන තෙක් දැනට ක්‍රියාත්මක […]
කොරෝනා තත්ත්වය හේතුවෙන් අරලියගහ මන්දිරය තාවකාලිකව වසා දමා ඇති බවට පැතිර යන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා. අග්‍රාමාත්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පැවසුවේ, අග්‍රාමාත්‍ය කාර්යාලය හෝ අරලියගහ මන්දිරයේ කිසිඳු නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි. වසංගත තත්ත්වය හමුවේ රජය හා සෞඛ්‍ය අංශවලින් නිකුත්කර ඇති උපදෙස්වලට අනුව අග්‍රාමාත්‍ය කාර්යාලය මෙන්ම, අරලියගහ […]
බස්නාහිර පළාතේ සහ හුදෙකලාකර ඇති ප්‍රදේශවල පාසල් හැරුණු කොට පාසල් 5,100කට ආසන්න සංඛ්‍යාවක් 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා හෙට සිට යළි විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, සියලු පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා විදුහල්පතිවරුන් වෙත සෞඛ්‍ය උපදෙස් අනුව මේ වනවිට නිකුත්කර ඇති […]