තායිලන්තයෙන් පළමුවරට ඔමික්‍රෝන් ආසාදිතයෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ ස්පාඤ්ඤයේ සිට තායිලන්තය වෙත පැමිණි අමෙරිකානු සංචාරකයෙක් බව තායිලන්ත සෞඛ්‍ය අංශ පවසනවා. පසුගිය නොවැම්බර් මස 29 වනදා එම ආසාදිතයා තායිලන්තය වෙත පැමිණ තිබෙනවා. මේ වන විට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය රටවල් 47 කින් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බලයෙන් පහකර මියන්මරයේ හිටපු නායිකා අවුන් සාන් සුකීට වසර හතරක සිර දඩුවමක් නියම කර තිබෙනවා. ස්වාභාවික අපදා නීතිය යටතේ “විරෝධය පෑම සහ කොවිඩ් නීති කැඩීම” යන චෝදනා සම්බන්ධයෙන් ඇය වැරදිකරු බව අධිකරණය නියෝග කර තිබුණා.
අමෙරිකා එක්සත් ජනපදය තුළ යලිත් දෛනික කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට වාර්තා වන නව දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇති බවයි එරට මාධ්‍ය පවසන්නේ. වෛරසය හේතුවෙන් දිනකට පුද්ගලයන් 1600 ක් පමණ මිය යා හැකි බවයි එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙන්නේ. මින් පෙර මසකටත් වැඩි කාලයක් තුළ වාර්තා වූ මරණ […]
මේ වන විට රට පුරාම විඳුලි බිඳ වැටීමක් සිදුව තිබෙනවා. සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ දෝෂයක් මීට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. යථා තත්ත්වයට පත් කිරීමට කෙතරම් වේලාවක් ගත වනු ඇත්දැයි නිශ්චිතව පැවසිය නොහැකි බවයි අප කළ විමසුමකට පිළිතුරු දුන් විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ.
ඉන්දියාවේ කර්ණාටක ප්‍රන්තයෙන් ද ඊයේ (02) ඔමික්‍රෝන් රෝගීන් දෙදෙනෙකු හඳුනාගත් බව වාර්තා වනවා. මේ වන විට රටවල් 29 කින් ඔමික්‍රෝන් අසාදිතයින් හමු වී තිබෙනවා.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 341 දෙනෙකු අද (02) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 541,124ක් දක්වා ඉහළගොස් තිබේ.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක අදත් ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වුණා. එම ගෑස් අනතුරු ගැන සෙවීමට ජනාධිපතිවරයා ඊයේ විශේෂ කමිටුවක්ද පත් කළා. මේ අතර පාර්ලිමේන්තුවේ විශේෂ උපදේශක කාරක සභාවද අද රැස්වුණා. ඒ ගෑස් අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමටයි. මේ අතර මොරටුව විශ්ව විද්‍යාලයේ ගෑස් පිළිබඳ වාර්තාව ඊයේ සවස ලබා දී තිබුණා.
සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (01) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි […]
ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩෝසි සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඔහුගේ ඉල්ලා අස් වීමට හේතුව සෘජුවම පැහැදිලි කර නැතත් ඔහුගේ හිස්වන ධූරයට දැනට සිටින තාක්ෂණික ප්‍රධාන නිලධාරියා පත්වීමට නියමිතව තිබෙනවා. පසුගිය වසරේ සිට ට්විටර් ආයතනය තුළ සිදු වූ යම් යම් වෙනස්වීම් හේතුවෙන් මේ තීරණය ගන්නට ඇති බවයි වාර්තා වන්නේ.
සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇතිවිය […]
ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 745ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම මෙහෙයුම් පිළිබද සහකාර ලේකම් කලීඩ් කියාරි මහතා අතර හමුවක් සිදු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී යි. මෙහිදී සහකාර ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම විටම ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරන බවයි.