ඊයේ දිනයට සාපේක්ෂව අද සහ හෙට යන දෙදින තුල වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. දිවයිනේ සෙසු ප්‍රදේශවල […]
මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව හා නෙදර්ලන්ත කණ්ඩායම් අතර තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩයම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර තරඟය අද (20) පැවැත්වීමට නියමිතව ඇත.
අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ රාත්‍රී අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වූ බවයි සඳහන් වන්නේ. අපවත් වන විට උන්වහන්සේ 69 වන වියේ පසු වුණා.
අද (19) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර ඇත. ඒ අනුව සියලු කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 20යි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, මන්නාරම, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම […]
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරඟය මේ වන විට පැවැත්වෙන අතර පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවර 5 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 46 ක් ලබා සිටිනවා.
2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරඟය අද පැවැත්වෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරඟය අද (18) ගීලෝන් හිදී පැවැත්වෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භවීමට නියමිතයි. අද පැවැත්වෙන තරඟයට සියත අපෙන් සුබ පැතුම්..!
නෙළුම් කුළුණ පරිශ්‍රය විවෘත කර තැබෙන වේලාවන් යළිත් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 09.00 සිට රාත්‍රී 09.00 දක්වා ටිකට් පත් නිකුත් කරන අතර එම දිනවල උදෑසන 09.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළදී එම පරිශ්‍රය නැරඹීමේ හැකියාව පවතින බවයි කොළඹ නෙළුම් කුළුණ කළමණාකරන සමාගම සඳහන් කළේ. එසේම සෙනසුරාදා සහ ඉරිදා […]
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවක් අද (18) පැවැත්වීමට නියමිතව ඇත. අද (18) දහවල් 12.00 ට කැළණිය විශ්වවිද්‍යාලය අසළින් අදාළ විරෝධතාව ආරම්භ කරන බවයි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කළේ.
ගයාන් ගුණවර්ධන ඔබට වඩාත් සමීප චරිතයක්. ප්‍රවීණ ගායක නුවන් ගුණවර්ධනගේ පුත්‍රයා වන ඔහු ගායකයෙක්, රංගන ශිල්පියෙක් වගේම නිරූපණ ශිල්පියෙක්. ඔහු ඔහුගේ මුහුණු පොතේ අපූරු සටහනක් පළ කර තිබුණා. ඒ තමයි, ” ඔන්න ඉතින් ආයෙත් සුභ පතන්න එපාආයෙත් Photo Shoot එකක් කළේ අලේශකබුම්!!!