News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
18

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැක. සබරගමුව, මධ්‍යම,ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. […]


Feb
17

තවත් කොවිඩ් මරණ 13ක් වාර්තා වෙයි

Generic placeholder image

කොවිඩ් ආසාදිතව මියගිය තවත් 13 දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම මරණ සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 422 දක්වා ඉහළ ගියා. අදාළ මරණ පිළිබඳ තොරතුරු පහතින් :


Feb
17

මද්‍රසා පාසලේ විදුහල්පති CID අත්අඩංගුවට

Generic placeholder image

මද්‍රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ශකීල් නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලාට අනුබල දීමේ චෝදනාවට අදාළවයි. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මාස 10කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවා සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් […]


Feb
17

ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ගෙන යන පෞද්ගලික බස් හිමියන්ට අද සිට නීති දැඩි වෙයි

Generic placeholder image

ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් රැගෙන යන පෞද්ගලික බස් රථ හිමියන්ට එරෙහිව නිතිය තදින් ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරන්ඩා මහතා පැවසුවේ, කොවිඩ් වෛරස ව්‍යාප්තිය වළක්වා ගැනීම සදහා අද සිට එම නිතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි. ආසන ගණනට පමණක් මගීන් රැගෙන යාමට බස් ගාස්තුව සියයට 20ක් ඉහළ දැමූ බව […]


Feb
17

මද්‍රසා විදුහල්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස්

Generic placeholder image

මද්‍රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ශකීල් නමැත්තා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා. ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට අනුබල දීම සම්බන්ධයෙන්.


Feb
17

දිනය තුළ හඳුනාගත් ආසාදිත සංඛ්‍යාව 713ක් – 747 දෙනෙකු සුව අතට

Generic placeholder image

අද දිනයේ මේ දක්වා කාලය තුළ හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 713 දක්වා ඉහළ ගියා. ඒ අද රාත්‍රියේ හඳුනාගත් නව ආසාදිතයින් 344 දෙනා සමගයි. එමෙන්ම අද පස්වරු කාලයේදී ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 369 දෙනෙකු හඳුනාගත්තා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ එලෙස හඳුනාගත් ආසාදිතයින් 369 දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මින් පෙර […]


Feb
17

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණීමට පනවා තිබූ සංචාරක තහනම ඉවතට

Generic placeholder image

බ්‍රිතාන්‍යය තුළ ව්‍යාප්ත වෙමින් තිබූ නව කොවිඩ් වෛරස ප්‍රභේදය හේතුවෙන් එරට සිට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත්කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, නිරෝධායන සහ කොවිඩ් පරික්ෂාවන්ට යටත්ව එම තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කළ බවයි.


Feb
17

පෙම්වතිය සමග පැන ගොස් විවාහ වෙන්න කෝටි දෙකක් ඉල්ලු පෙම්වතෙක්

Generic placeholder image

ගෙදරින් විරුද්ධ වීම නිසා සිය පෙම්වතිය සමග නිවසින් පළා ගිය පෙම්වතෙක් විසින් පෙම්වතිය විවාහ කරගන්නට නම් කෝටි 02 ක මුදලක් අවශ්‍ය බව පෙම්වතියගේ දෙමව්පියන්ට සදහන් කර තිබෙනවා. මේ සිදුවීම සිදුව ඇත්තේ කොඩිකාමම් ප්‍රදේශයෙන් වන අතර 24 හැවිරිදි තරුණියක් පැහැරගෙන ගොස් රදවා ගෙන සිටින තරුණයෙකු පිලිබදව එම තරුණියගේ දෙමවුපියන් විසින් පොලිසියට පැමිණිලි කර ඇති අතර තරුණියද […]


Feb
17

අමුණකින් දිය නෑමට ගොස් මඩේ එරී 16 හැවිරිදි පාසල් සිසුවෙකු මිය යයි

Generic placeholder image

16 හැවිරිදි පාසල් සිසුවෙකු තංගල්ල ප්‍රදේශයේ අමුණකින් දියනෑමට ගොස් ඉකුත්දා මිය ගොස් තිබෙන බව පොලිසිය සදහන් කරනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ තංගල්ල පොළොම්මාරුව ආදර්ශ විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි ඩබ්ලිව්. කේ. රිසිත් සන්දීපන නමැති පාසල් දරුවෙකු වන අතර අදාල දරුවා සිය සිය බාල සහෝදරයා සහ යහළුවකු සමග එම ප්‍රදේශයේ අමුණකින් දිය නෑමට ගොස් […]


Feb
17

රු 500ක අල්ලසක් ගත් ආරක්ෂක නිලධාරියෙක් අල්ලයි

Generic placeholder image

රුපියල් 500ක අල්ලස් මුදලක් ලබා ගත් අත්තනගල්ල ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තු කාර්යාලයේ කණිෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද පැමිණිල්ලකට අනුව අදාළ පුද්ගලයා අල්ලස් මුදල ලබා ගැනීමේදී මෙලෙස කාර්යාලය තුළ දී අත් අඩංගුවට පත්ව ඇති අතර සැකකරු අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය බවයි වාර්තා […]


Feb
17

ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. මේ පිලිබදව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබෙන අතර මේ පිලිබදව ඉදිරියේදී නිල වශයෙන් දැනුම් දීමට නියමිත බවද වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.


Feb
17

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි වූවොත් වසර 20 ක සිර දඩුවමක්

Generic placeholder image

මියන්මාරයේ පවතින හමුදා පාලනයට එරෙහිව උද්ඝෝෂණ පිරිස් හට එරට වත්මන් පාලකයින් විසින් වසර 20 ක සිර දඩුවමක් ලබා දීමට තීරණය කර අතිඕ බව විදේස් වාර්තා සදහන් කරනවා. මේ අතර හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ නායකයන් වෙත අපහාස වන ආකාරයේ ක්‍රියා කරන පුද්ගලයින් ට සිරදඬුවම් සහ දඩ පැනවීමක් සිදු කරන බව ද එරට පාලක හමුදාව විසින් වැඩි දුරටත් […]


News Articles
Latest Videos
Most Popular Post