News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
19

වසංගතය ලෝකයෙන් තුරන් වීම පෙනෙන තෙක් මානයක නැහැ – ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී අනතුරු අඟවයි

522 Views


වසංගතය ලෝකයෙන් තුරන් වීම පෙනෙන තෙක් මානයක නැහැ – ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී අනතුරු අඟවයි

කොවිඩ් වසංගතය පිලිබඳව මෙම වසරේ පළමු දින ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අලුත් අවුරුදු සුබ පැතුම බලාපොරොත්තු සහගත පණිවිඩයක් නිකුත් කළා.

ඒ 2022 වසර වසංගතයේ අවසානය සනිටුහන් කළ හැකිය යන්නයි.

එන්නත් බෙදී යාමේ විෂමතාවය අමව කර ගැනීමෙන් එම ඉලක්කයට සමස්ත ලෝකයටම ලඟා විය හැකි බවටයි ටෙඩ්‍රෝස් ඇඩ්නම් ප්‍රකාශ කර සිටියේ.

නමුත් මේ වන විට අමෙරිකාව, ජපානය, බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක නව ඔමික්‍රෝන් ආසාදිතයින් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

යුරෝපීය කලාපයේ ද මේ වනවිට නව ඔමික්‍රෝන් ආසාදිතයින් ඉහළ යමින් පවතිනවා.

යුරෝපීය කලාපය තුළ ආසාදිතයින් වැඩි වීම හේතුවෙන් වසංගතයේ අවසානය පෙනෙන තෙක් මානයක නොමැති බවටයි ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා ලෝක නායකයන්ට අනතුරු අඟවා තිබෙන්නේ.

ඔමික්‍රෝන් වෛරසය පැතිරීම වේගවත් වනවිට නව ප්‍රබේද මතු වීමට ඉඩ ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

මේ වනවිට ඔමික්‍රෝන් ආසාදිතයන් පමණක් ලොව පුරා මිලියන 18 ක් වාර්තා වී තිබෙනවා.

එසේම ප්‍රංශයෙන් පමණක් නව රෝගීන් මිලියනයකට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post