News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
25

වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන ව්‍යාපාරිකයින් සොයා දිවයින පුරා වැටලීම්

533 Views


වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන ව්‍යාපාරිකයින් සොයා දිවයින පුරා වැටලීම්

ලකුණු කළ මිලට වඩා වැඩි මිලට සිමෙන්ති අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයින් සොයා දිවයින පුරා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීම් හා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පසුගිය දින කිහිපය තුළ කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, කුරුණෑගල, රත්නපුර, බදුල්ල, මොනරාගල, අනුරාධපුර, ගාල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි සිමෙන්ති වැඩි මිලට විකුණු ව්‍යාපාරික ස්ථාන 56ක වැටලීම් සිදු කර තිබෙනවා.

ඊට අමතරව සිමෙන්ති විකිණීම ප්‍රතික්ෂ කිරීම, තම සන්තකයේ තබාගෙන නොමැති බව කීම, කොන්දේසි සහිතව අලෙවිය හා තොග සඟවා තබා ගැනීම නොකළ යුතු බවට ද පාරිභෝගික අධිකාරි පනතෙහි සටහන්ව තිබෙනවා.

තම සන්තකයේ නොමැති බව කීම හා තොග සඟවා තබාගැනීම යන වැරදි කරනු ලබන වෙළෙඳුන් සතු සිමෙන්ති තොග තහනමට ගැනීමටත් එම තොග අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත රාජසන්තක කිරීමටත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට බලතල ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව නීතිය උල්ලංඝනය කරමින් කරනු ලබන අලෙවිකරුවන්ට එරෙහිව 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනත ප්‍රකාරව කටයුතු කරන බව ද දැනුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post