News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
27

ටෙඩ්රෝස් ඇඩ්නම් යළිත් WHO ලොක්කා වෙයිද?

544 Views


ටෙඩ්රෝස් ඇඩ්නම් යළිත් WHO ලොක්කා වෙයිද?

සමස්ත ලෝකය පුරාම ඉතා බරපතළ ලෙස යළි කොවිඩ් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

කොවිඩ් වසංගත සටනේ දී ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්නම් විශාල කාර්යභාරයක් ඉටුකළා.

ඉදිරි වසර 05 සදහාත් ඔහුගේ නම යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී තනතුර සඳහා වන ඡන්දය මේ වසරේ මැයි මස පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද වන විට ඒ සඳහා නාම යෝජනා ඉදිරිපත් කර ඇති එකම පුද්ගලයා 56 හැවිරිදි ටෙඩ්රෝස් ඇඩ්නම් පමණයි.

ඒ අනුව බොහෝ විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව ප්‍රධානියා ලෙස ටෙඩ්රෝස් ඇඩ්නම් පත්වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.


News Articles
Latest Videos
Most Popular Post