News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
28

ගාලු වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කෙරේ

1157 Views


ගාලු වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කෙරේ

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කරන අතර එහි නව දිය කඩනයක්ද ඉදිකිරීමට නියමිතව තිබෙනවා.

එමගින් අලුතින් හෙක්ටයාර් 40 ක් වරායට හිමිවන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා.

වරාය සංවර්ධනය කිරීම පිළිබඳ සූම් තාක්‍ෂණය ඔස්සේ විදේශ ආයෝජකයන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී මෙම කරුණු අනාවරණය වුණා.

වරාය ඉදිකිරීම් වසර 05 ක් ඇතුළත අවසන් කිරීමට නියමිත බවත්, සංචාරක ක්ෂේත්‍රයට අදාළ හෝටල් සහ සාප්පු සංකීර්ණ ද ඉදිකිරීමට යෝජිත බව අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post