News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
31

ජලය සම්බන්ධ අනතුරු වලක්වා ගන්න වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් උපදෙස්

816 Views


ජලය සම්බන්ධ අනතුරු වලක්වා ගන්න වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් උපදෙස්

මේ දිනවල බොහෝ ප්‍රදේශවලින් ජලය සම්බන්ධ අනතුරු වාර්තා විය. එසේම විවිධ මාධ්‍ය ආයතන මගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දියේ ගිලීම් සම්බන්ධ අනතුරු පිළිබද විමසීම ද සිදුකර ඇත. ජනතාව මේ සම්බන්ධයන් දැනුවත් කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව කරුණු කිහිපයක් ඉදිරිපත් කරයි.

විශේෂයෙන් පසුගිය දින කිහිපයේ දියේ ගිලී සිදු වූ අනතුරුවලින් වයස අවුරුදු 18 ත් 25 ත් අතර යෞවන වියේ පසුවන්නන් ජිවිතක්ෂයට පත් වුණා. 90% කට වැඩි පිරිස තරුණ ජීවිතයි. දියේ ගිලීම්වලට එක හේතුවක් ලෙස වැඩිහිටියන් නොමැතිව තරුණයින් පමණක් විනෝදවීම සඳහා ජලයට බැසීම හේතුවෙන් සිදු වී ඇත.

ජලය බසින වේගය හඳුනාගත නොහැකි වීම නිසා ද අනතුරු සිදු විය හැකිය. ගංගාවක් 100 km – 200 km පමණ ගලා යයි. ඒ අනුව ජල පහරේ ප්‍රමාණය මතුපිටින් තීරණය කරගන්න අමාරුයි. එය ක්ෂණිකව වෙනස් විය හැකියි. මේ හේතුව නිසාද බොහෝ දෙනෙක්ගේ දැනුවත්වීම ප්‍රමාණවත් නොවන නිසා අනතුරට ලක් වීමේ හැකියාවත් ඇත.

එසේම ආරක්‍ෂිත ජැකට් එසේ නැතහොත් කබාය පාවිච්චි කරන්නේ නෑ. මේක ඉතාම අනතුරුදායක තත්වයක්. ජලාශයක බෝට්ටුවක ගමන් කරත්, ඔරුවක ගමන් කරත් ආරක්‍ෂිත කබාය ඉතාම වැදගත්.

විශේෂයෙන් ප්‍රාදේශීය සභා, පළාත් සභා, පළාත් පාලන ආයතන මේ පිළිබද අවධානය යොමු කර දැනුවත්කිරීම්, නිවේදන ප්‍රදර්ශනය කිරීම වැදගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


News Articles
Latest Videos
Most Popular Post