News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
1

මිනිත්තුවට ප්ලාස්ටික් බෝතල් මිලියනයක් මිලට ගන්න මිනිස්සු

493 Views


මිනිත්තුවට ප්ලාස්ටික් බෝතල් මිලියනයක් මිලට ගන්න මිනිස්සු

ප්ලාස්ටික් භාවිතය පිළිබදව ජනතාව විවිධ අයුරින් දැනුවත් කරලා තියෙනවා. එත් ඒවා ක්‍රියාත්මක වීමේ දුර්වලතාවයක් තියෙනවා.

ප්ලාස්ටික් භාවිතය හේතුවෙන් සිදුවන පරිසර දුෂණය අවම කිරීමට රටවල් පනහක් මේ වන විට විවිධ පියවර ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති විශාලත ම වාර්තාවේ සදහන් වෙනවා.

නමුත් බොහෝ රටවල ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා ඉතා හොඳ ප්‍රතිපත්ති හඳුන්වා දී ඇතත් ඒ කිසිවක් නිසි ලෙස ක්‍රියාත්මක කර නොමැත.

ශ්‍රී ලංකාවේ වසරකට ප්ලාස්ටික් හැඳි මිලියන 600 කට අධික ප්‍රමාණයක් සහ මාසයකට අවම වශයෙන් ප්ලාස්ටික් හැඳි මිලියන 50ක් පමණ (එක් වරක් පමණක් භාවිතා කරන) පරිසරයට බැහැර කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ වන විට පරිසර අමාත්‍යාංශය ප්ලාස්ටික් හා පොලිතීන්වලින් නිෂ්පාදිත එක්වරක් පමණක් භාවිතකර බැහැරකරන භාණ්ඩ රැසක් භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු යොදා ඇත. මේ අනුව දිරාපත් නොවන ලන්ච්ෂීට්, ප්ලාස්ටික් හැඳි, ආහාර කළතන, ප්ලාස්ටික් කූර සහිත කොට්න් බඩ්, ප්ලාස්ටික් හා පොලිතීන්වලින් නිෂ්පාදිත මල්මාලා ,සුළං පුරවන සෙල්ලම් භාණ්ඩ, සැෂේ පැකට්, ප්ලාස්ටික් හැඳි හා බීම බට ඊට ද ඇතුළත් වේ.

දැනට වේවැල්, පිත්තල, මැටි හා ලී කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය විසින් මෙවැනි දේශීයව නිර්මාණය කර ගත හැකි ද්‍රව්‍ය ප්‍රවර්ධන වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇත. ඒ අනුව පරිසර අමාත්‍යාංශය ද ඒ හා සම්බන්ධ වී පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා කටයුතු යෙදීමට මෙහිදී ඇමැති මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දුන්නේය.

වාර්ෂිකව ශ්‍රී ලංකාවට ආනයනය කරන ප්ලාස්ටික් ප්‍රමාණය ක්‍රමවත්ව ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය සඳහා යොදවන ප්‍රමාණය දළ වශයෙන් 30% කි. ඒ අනුව ඉතිරි 70% ක ප්‍රමාණයෙන් සියයට 30% ක් පරිසරයට බැහැර කෙරේ.

මිනිත්තුවට ප්ලාස්ටික් බෝතල් මිලියනයක් ලෝක ජනතාව මිලදී ගනියි. තවද වසර 2022 වන විට ලෝක ජනතාව මිලදී ගන්න ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය ට්‍රිලියන භාගයකට වඩා වැඩිවන බව ඇස්තමේන්තු කර ඇත.

එසේම මුහුදට එක්වන ප්ලාස්ටික් එහි වෙසෙන ජීව විශේෂ 31 ක පමණ ප්‍රමාණයක ශරීරගත වී ඇත. පක්ෂි විශේෂ 100කගේ පමණ ශරීරගත වී ඇත. ප්ලාස්ටික් මලුවල පැටලැවීමෙන් තවත් ජිව වෘක්ෂ 250 කට අධික සංඛ්‍යාවක් අපහසුතාවට ලක් වෙති.

ප්ලාස්ටික් වසර 100ත් 500ත් අතර කාලයක් පරිසරයේ නො නැසී පවතියි. මේ පිළිබද අවධානය යොමු කරමින් ප්ලාස්ටික් භාවිතය හැකි තරම් අවම කිරීමට කටයුතු කිරීම අපේ වගකීමයි.


News Articles
Latest Videos
Most Popular Post