News Line| Off Air
Generic placeholder image

Feb
2

විදේශ මුදල් ජාවාරමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

596 Views


විදේශ මුදල් ජාවාරමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවෙන් විදේශ රටවල්වලට විදේශ මුදල් ජාවාරම් කිරිමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට හැකිවිය.

මොවුන් අද දින emirates ගුවන් සේවයට අයත් EK 649 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා යාමට තැත්කිරීමේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

වැඩිදුර පරීක්ෂා කිරීම්වලදී මගීන්ගේ ගමන්මලු තුළ සුක්ෂම ලෙස සඟවා තිබූ මෙම විදේශ මුදල් තොගය අත්අඩංගුවට ගැනීමට හැකි විය.

අත්අඩංගුවට ගන්නා ලද මුදල් අතර යුරෝ 46000 විය. මෙම මුදල් වල ශ්‍රී ලාංකීය වටිනාකම රුපියල් මිලියන 11කට ආසන්න වෙයි .අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.


News Articles
Latest Videos
Most Popular Post