News Line| Off Air| Games
Generic placeholder image

Feb
8

පුංචි රයන් යන්නම යයි

444 Views


පුංචි රයන් යන්නම යයි

මුළු මහත් ලෝකයේ ම ජනතාවගේ ඇසට කදුලක් ඉතිරි කරමින් පසුගිය දිනක සිදු වූ හද කම්පා කරවන පුවත නම් මොරොක්කෝවේ නළ ලිං කුහරයක සිරවූ පස් හැවිරිදි දරුවාගේ සිදුවීමයි.

මෙම පුංචි දරුවා නමින් රයන්. වයස අවුරුදු 05 ක් වන ඔහු ඉතා දඟකාර චරිතයක් බව ඔහුගේ දෙමාපියන් පවසයි. මොවුන් ජිවත් වූ ප්‍රදේශයේ ජලය ලබා ගැනීම සඳහා අනාරක්ෂිත ලිං කැපීම සිදු කරනු ලබයි. මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් දිනයේ රයන්ගේ පියා ජලය ලබා ගැනීම සඳහා එවැනි ළිඳක් කපමින් සිට ඇත. දෙමාපියන් සමීපයේ සිටි රයන් දෙමාපියන්ගේ ඇස් ඉවතට ගිය එක ක්ෂණයකින් අනාරක්ෂිත ළිඳ තුලට ඇද වැටි ඇත.

අනතුරුව රයන්ගේ පවුලේ සාමාජිකයින් අතුරුදන්වී සිටි රයන් සෙවීමට කටයුතු කර ඇති අතර එහිදී ඔහු අදාළ ළිඳ තුළට වැටී සිරවී සිටින බවට සොයාගෙන ඇත්තේ, ඒ තුළින් පැමිණ ඇති ඔහුගේ කට හඬ අනුව බව මොරොක්කෝ මාධ්‍ය වාර්තා කළේය.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසු වහා ක්‍රියාත්මක වූ මොරොක්කෝවේ රජය සහ සහන කණ්ඩායම් දිවා රෑ වෙහෙස නොබලා පුංචි රයන්ව බේරා ගැනීමේ මෙහෙයුම් දියත් කළා. මුල් දිනයේ දී කඹයක් ආධාරයෙන් ඔහු ගොඩ ගැනීමට උත්සාහ කල ද පසුව එය අසාර්ථක වී ඇත. රයන් අවස්ථා කිහිපයකදී ම කුහරය තුලට යොමු කළ ජලය පානය කරන අයුරු කැමරාවෙන් නිරීක්ෂණය වී ඇත. එසේම රයන්ගේ හිස ප්‍රදේශයේ සුළු තුවාල සිදුවී ඇති බව ද එයින් නිරීක්ෂණය වී ඇත.

එරට මාධ්‍ය වාර්තා කලේ, මීටර් 32ක් (අඩි 104ක්) පමණ ගැඹුරක ඔහු සිරවී සිට ඇති අතර ඔහු මුදා ගැනීමට අපහසු වී තිබුණේ අදාල ළිදේ විෂ්කම්භය 45 cm කට අඩු වූ නිසාවෙනි.

ඒ අනුව ගලවා ගැනීමේ කණ්ඩායම්වලට රයන් බේරා ගැනීම සඳහා ඔහු සිරවී සිටින ස්ථානයට සමාන්තරව, තිරස් අතට අගලක් හැරීමට සිදු වී තිබිණි. මෙම කාර්ය ඉතා සංයමයෙන් සිදු කිරීමට වුයේ ඒ අවට ප්‍රදේශයේ වූ වැලි සහිත පස හේතුවෙන් පස හෑරීමේ දී නාය යාම් අවධානමක් ඇතිවිය හැකි බැවින් යැයි මොරොක්කෝ මාධ්‍ය සදහන් කරයි.

රයන්ගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා කැමරාවක් ද ඔහු සිරවී සිටින ළිඳ තුළට යැවීමට කටයුතු කර තිබුණු අතර පසුව එය ළිඳ තුළට වැටීම හේතුවෙන් ඔහුගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට අපහසු වී තිබිණි.

This image has an empty alt attribute; its file name is Capture.JPG-2.png

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් සහ ගිලන් රථයක් මෙන්ම, හෙලිකොප්ටර් යානයක්ද එම ස්ථානයේ ගෙන්වා තැබීමට මොරොක්කෝ බලධාරීන් කටයුතු කර තිබිණි.

රයන්ගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා කැමරාවක් ඔහු සිරවී සිටින ළිඳ තුළට යැවීමට කටයුතු කර තිබුණු අතර පසුව එය ළිඳ තුළට වැටීම හේතුවෙන් ඔහුගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට අපහසු වී තිබිණි.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් සහ ගිලන් රථයක් මෙන්ම, හෙලිකොප්ටර් යානයක්ද එම ස්ථානයේ ගෙන්වා තැබීමට මොරොක්කෝ බලධාරීන් කටයුතු කර තිබිණි.

මෙම මෙහෙයුම් සිදු කරන අවස්ථාවේ දී විශාල පිරිසක් තමන් අදහන දෙවියන් සිහි කරමින් රයන්ට ජීවිතය දෙන්න කියා ප්‍රර්ථනා කළා. මනුෂ්‍යත්වයේ නාමයෙන් විශාල පිරිසක් නළ ලිං කුහරය ආසන්නයේ එක්රැස්වී සිටියා. එසේම ලොව පුරා තවත් බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය හරහා මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සහය පල කළා. රයන් මෙම කුහරය තුල පැය 96 කට අධික කාලයක් සිරවී සිටි අතර සහන කණ්ඩායම් මහන්සිය නොබලා රයන්ට ජීවිතය දෙන්න මහන්සි වුණා.

සියලු දෙනාගේ සිත් සතුටු කරමින් දින 4ක් සිරවී සිටි රයන්ව මෙහෙයුම්වලින් බේරා ගැනීමත් සමඟ ඒ අවස්ථාවේ රැදී සිටි සියලු දෙනා ප්‍රීති ඝෝෂා කරන්නට විය. නමුත් මෙම සතුට රැදුනේ ඉතාම කෙටි වෙලාවයි. පුංචි රයන්ව බේරා ගන්න අවස්ථාව වන විටත් ඔහු මේ ලොව හැරදා ගොස් අවසන්.

ලෝකයට ම අඳුරු මතකයක් එකතු කරමින් රයන් අද සදහටම යන්න ගියා. අද රයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉතා චාම් ආකාරයෙන් සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


News Articles
Latest Videos
Most Popular Post