News Line| Off Air
Generic placeholder image

Feb
9

වැසි වාර කිහිපයක්

506 Views


වැසි වාර කිහිපයක්

උතුරු සහ නැගෙනහිර පළාත්වල අහස වලාකුළින් බරව පවතිනවා.

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

කන්කසන්තුරයේ සිට ත්‍රිකුණාමලය, මඩකලපුව සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කන්කසන්තුරයේ සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර  සිට හම්බන්තොට හරහා පොතුවිල්  දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-50) පමණ දක්වා වැඩි විය හැකියි. 

කන්කසන්තුරයේ සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහ  මාතර  සිට හම්බන්තොට හරහා පොතුවිල්  දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post