ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් අනුව අද (21) පෙරවරු 8.30ත් පස්වරු 7.30ත් අතර දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අවසර ලබා දී ඇත.
මීට අමතර ව දකුණු පළාතේ පමණක් පෙරවරු 8.30ත් පස්වරු 4.30 ත් අතර පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.