News Line| Off Air| Games
Generic placeholder image

Feb
24

යුක්‍රේන – රුසියා අර්බුදය ලංකාවේ ආර්ථිකයට බලපායිද ?

335 Views


යුක්‍රේන – රුසියා අර්බුදය ලංකාවේ ආර්ථිකයට බලපායිද ?

මේ වන විට රුසියානු හමුදාව යුක්‍රේනයට පහර දෙමින් සිටිනවා. යුක්‍රේනයේ අග නගරය වන කිවි සහ තවත් ප්‍රදේශ කිහිපයකින් විශාල පිපිරීම් වාර්තා වෙමින් තිබෙනවා.

බොහෝ විට මෙම පිපිරීම්වලට හේතුව රුසියානු කෘස් මිසයිල හෝ බර අවි ප්‍රහාර බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රුසියාව පළමුව සිදු කළේ යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහෙන්ස්ක් ප්‍රදේශ දෙක අල්ලා ගැනීමයි. එසේම එම නගර දෙක ස්වාධීන රාජ්‍ය ලෙස පිළිගැනීමට ජනාධිපති පුටින් ක්‍රියා කළා.

ඉන් අනතුරුව ඔහු එම ප්‍රදේශ දෙකට තම හමුදා බට කණ්ඩායම් යවනු ලැබුවා. පුටින් එම ක්‍රියාව හැදින්වූයේ සාමසාධක ක්‍රියාවක් ලෙසයි.

යුක්‍රේන පාලනය යටතේ තිබූ ඩොනෙට්ස්ක් සහ ලුහෙන්ස්ක් නගර දෙකට බලහත්කාරයෙන් ඇතුළු වීම අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දැඩි ලෙස හෙළා දකිනවා.

මෙය පුටින්ගේ හිතුවක්කාරී ත්‍රස්ත ක්‍රියාවක් බවයි බටහිර නායකයින් හඳුන්වා තිබුණේ.

ඉන් අනතුරුවයි පුටින් යුක්‍රේනය අගනගරය ඉලක්ක කර ගෙන ඇත්තේ. මේ වන විටත් කිවි ඇතුළු නගර ගණනාවකට රුසියාව කෘස් මිසයිලවලින් පහර දෙන බවටයි වාර්තා වන්නේ.

සමහර මධ්‍යස්ථ බටහිර යුධ විශේෂඥයින් පවසන්නේ රුසියාවට යුක්‍රේනය අල්ලා ගැනීමට ගත වනුයේ පැය පහකටත් අඩු කාලයක් බවයි.

කෙසේ නමුත් යුක්‍රේන ජනාධ්පතිවරයා පවසා ඇත්තේ රුසියානු ආක්‍රමණයකට මුහුණ දීමට තම රට සුදානම් බවයි. තමා ජයග්‍රහණය කරන බව ද යුක්‍රේන ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

යුක්රේනය තුළ හදිස්සි තත්ත්වයක් ද ක්‍රියාත්මකයි. එරට වයස අවුරුදු 18ට වැඩි අයට ඒ අනුව ආයුධ අතට ගැනීමේ අවස්ථාව උදා වනවා.

මේ අතර බ්‍රිතාන්‍ය අගමැතිවරයා පවසා ඇත්තේ රුසියානු නායකයා තෝරාගෙන ඇත්තේ ලේ වැගිරීමේ සහ විනාශයේ මාර්ගය බවයි.

මේ වන විටත් රුසියාවට විශාල ලෙස සම්භාදක පැනවීමට බ්‍රිතාන්‍ය අමෙරිකාව ප්‍රමුඛ රටවල් ක්‍රියා කරමින් සිටී.

රුසියාව ලෝක තෙල් නිෂ්පාදනයෙන් 12%ක ප්‍රතිශතයක අයිතිය කියනවා. එසේම ස්වභාවික ගෑස් සැපයුමේ ලෝක බලවතා වනුයේත් රුසියාවයි.

ඇමෙරිකාව සහ රුසියාව අතර මෙහිලා පවතින්නේ කරට කර සටනක්. කෙසේ නමුත් රුසියාවට සම්භාදක පැනවීම හරහා යුරෝපයට ද බරපතල ගෑස් සහ ඉන්ධන ගැටලුවලට මුහුණ දීමට සිදු වනවා. කෙටියෙන් ප්‍රකාශ කළොත් ලෝක බොරතෙල් සහ ස්වභාවික ගෑස්වල මිල දැන් ඉහළ යන්නට පටන් අරන්.

මේ වන විට ලෝක බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙවැනි විශාල මිල ඉහළ යාමක් වාර්තා වන්නේ 2014 වර්ෂයෙන් පසුවයි.

ඒ අනුව අපේ රටට මෙම රුසියා යුක්‍රේන අර්බුදයත් සමඟ තවත් ආර්ථික තර්ජනයකට මුහුණ දීමට සිදු වීම නොඅනුමානයි.


News Articles
Latest Videos
Most Popular Post