News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
25

යුක්‍රේනයේ සිටින ශ්‍රී ලංකිකයන්ට විදේශ අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්

435 Views


යුක්‍රේනයේ සිටින ශ්‍රී ලංකිකයන්ට විදේශ අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්

යුක්‍රේනය තුළ පවතින යුදමය තත්ත්වය උත්සන්නවීම හේතුවෙන්, එහි රැඳීසිටින ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ඒ සඳහා සුදුසු පියවර ගන්නා ලෙස අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට විදේශ අමාත්‍යංශය උපදෙස් ලබා දී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ.

ඒ අනුව +90 534 456 94 98 හෝ +90 312 427 10 32 දුරකථන මාර්ග ඔස්සේ සම්බන්ධ වී අවශ්‍ය තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතින අතර slemb.ankara@mfa.gov.lk යන විද්‍යුත් ලිපිනය හරහා ද සම්බන්ධවී තොරතුරු ලබාගත හැකි බවයි විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post