News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
25

අනතුරුවල දී ගෙවන උපරිම කම්කරු වන්දි මුදල රු. ලක්ෂ 20 දක්වා ඉහළට

686 Views


අනතුරුවල දී ගෙවන උපරිම කම්කරු වන්දි මුදල රු. ලක්ෂ 20 දක්වා ඉහළට

සේවයේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයන්ට ප්‍රතිලාභ වැඩි කිරීම සඳහා වන කම්කරු වන්දි (සංශෝධන) පනත දෙවනවර කියවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟත්වය (23) දින හිමි වී තිබෙනවා.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වූ අතර හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ජෝන් සෙනෙවිරත්න, චාමර සම්පත් දසනායක, ශාන්ත බණ්ඩාර සහ වෛද්‍ය ගයාෂාන් නවනන්ද යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

සේවයේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයන්ට මරණයක දී හෝ පූර්ණ බෙලහීනතාවකදී දැනට ගෙවන උපරිම වන්දි ප්‍රමාණය වන රු 550,000 ක මුදල, රු 2,000,000 (විසි ලක්ෂය) දක්වා වැඩි කිරීම මෙමගින් සිදු වී තිබෙනවා.

එසේම දැනට රැකියා අවස්ථාවේදී පමණක් වන්දි ගෙවීමට ඇති ප්‍රතිපාදනය , රැකියා ස්ථානයට එන සහ යන අවස්ථා ඇතුළත් කොට අර්ථ නිරූපණය වඩාත් පුළුල් කිරීමද මේ හරහා සිදුවන බව නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්නා.

තවද වන්දි ගෙවීම ප්‍රමාද වීමේදී අයකරන අධිභාරයන් 10% දක්වා 30 % දක්වා වැඩි කිරීම ඇතුළු සංශෝධන කිහිපයක් මේ යටතේ සිදුවන බවත් ඔවුහු ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ සේවක අර්ථසාධක අරමුදලේ වාර්ෂික වාර්තා කිහිපයක් සළකා බැලීමද මෙහිදී සිදු වුණා.


News Articles
Latest Videos
Most Popular Post