News Line| Off Air| Games
Generic placeholder image

Mar
31

ඖෂධ ලබා ගැනීමට සාකච්ඡාවක්

441 Views


ඖෂධ ලබා ගැනීමට සාකච්ඡාවක්

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය පිළිබඳ අධ්‍යක්ෂ ලිනේ ෂර්බන් බෙන්ස් (Lynne Sherburne Benz) මහත්මිය ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ දී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මුණ ගැසිණ.

රටේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව ලබා ගැනීම සඳහා ලෝක බැංකුවේ සහය ලබා දෙන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියේය.

ඒ සම්බන්ධයෙන් ඉහළම ප්‍රමුඛතාවයෙන් කටයුතු කර ඖෂධ ලබා දීමට අවශ්‍ය කටයුතු කඩිනමින් යොදන බව බෙන්ස් මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකාව තුළ එන්නත්කරණ වැඩපිළිවෙලේ සාර්ථකත්වය පිළිබඳ කලාපීය අධ්‍යක්ෂකවරිය එම අවස්ථාවේදී විශේෂ ඇගයීමක් සිදු කළ අතර, ෆයිසර් එන්නත ලබා ගැනීමේ දී ලෝක බැංකුව ශ්‍රී ලංකාව වෙත ලබා දුන් මූල්‍යාධාරය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී විශේෂ ස්තුතියක් ද පළ කළේය.


News Articles
Latest Videos
Most Popular Post