යළිත් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රතික්‍ෂේප කළ බව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට පක්‍ෂයක් ලෙස ගත් තීරණය වෙනස් කළ නොහැකි බව මෙන්ම ජනතා ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නොහැකි බව තම පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.