News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
26

ගුවන්යානා කුලියට ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කල් දමන ලෙස කෝප් කමිටුවෙන් නිර්දේශ

640 Views


ගුවන්යානා කුලියට ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කල් දමන ලෙස කෝප් කමිටුවෙන් නිර්දේශ

ගුවන්යානා කුලියට ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තෙමසකට කල් දමන ලෙස කෝප් කමිටුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නිර්දේශ කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගින් 2022-2025 අතර කාලය සඳහා ගුවන්යානා 21 ක් කුලියට ගැනීම සම්බන්ධව ප්‍රසම්පාදන ක්‍රියාවලිය තෙමසකට කල්දමන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා එම සමාගමට (25) නිර්දේශ කර ඇත.

ඒ අනුව පවතින ආර්ථික තත්ත්වය හමුවේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබද සමාලෝචනය කරන ලෙසත් අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයට අනුගත වන්නේද යන්න සොයාබලන ලෙසත් සංචාරක අමාත්‍යාංශයේ සහ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරුන්ට කෝප් සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

තවද ප්‍රසම්පාදන මාර්ගෝපදේශයක් නිසි පරිදි සකස් කිරීම සහ අදාළ ප්‍රසම්පාදනය කැබිනට් අමාත්‍යවරයා හරහා කැබ්නට් මණ්ඩලයට ඉදිරිපත්කර කැබිනට් තීරණයක් ලෙස සිදු කරන ලෙසත් කෝප් සභාපතිවරයා මෙහිදී නිර්දේශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post