News Line| Off Air| Games
Generic placeholder image

Jun
7

ලෝක ආහාර ආරක්ෂණ දිනය අදයි

165 Views


ලෝක ආහාර ආරක්ෂණ දිනය අදයි

ලෝක ආහාර ආරක්ෂණ දිනය සෑම වසරකම ජුනි මස 07 වනදාට යෙදී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රථමයෙන් මෙම දිනය නම් කරන ලද්දේ 2018 වසරේදීය.

2022 දී එනම් මෙම වසරේ ලෝක ආහාර ආරක්ෂණ දිනයෙහි තේමාව වන්නේ “යහපත් සෞඛ්‍ය සදහා ආරක්ෂිත ආහාර” යන්නයි.

ලෝකයේ ආහාර ආරක්ෂණ දිනය සූදානම් කර ඇත්තේ ආහාර අවධානම් වැළැක්වීම, හදුනාගැනීම සහ කළමනාකරණය කිරීම මෙන්ම සෞඛ්‍ය වැඩිදියුණු කිරීම යන තේමා යටතේය. ආහාරයක් ඕනෑම අවස්ථාවක දූෂණයට ලක්විය හැකියි.

එනම් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්විය හැකියි.

මේ සම්බන්ධයෙන් ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය තුළ පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර ආරක්ෂණ ඒකකය නමින් විශේෂිත ඒකකයක් පිහිටුවා ඇත.

මෙම ඒකකය යටතේ විශාල රාජකාරී රාශියක් සිදුකරන අතරම ආහාර ආරක්ෂණය සම්බන්ධයෙන් කතිකා කරන ඒකකය වන්නේද මෙයයි.


News Articles
Latest Videos
Most Popular Post