News Line| Off Air| Games
Generic placeholder image

Sep
27

ලෝක සංචාරක දිනය අද

157 Views


ලෝක සංචාරක දිනය අද

ලෝක සංචාරක දිනය අදට (27) යෙදි තිබේ.

මෙවර සංචාරක දිනයට සමගාමීව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ. ”ලෝක සංචාරක දිනය” මෙවර තේමාව “Rethinking Tourism “ යන්නයි.

මෙහි ප්‍රධාන උත්සවය Habarana Village by Cinnamon පරිශ්‍ර යේ දී පැවැත්වේ.

කොවිඩ් වසංගතයෙන් පසුව මෙරට සංචාරක කර්මාන්තය පසුබැමකට ලක් විය.පැවැති ලෝක Covid වසංගත තත්ත්වය පහව යන අතරේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත වතාවක් ඉහළට ඔසවා තබන්නේ කෙසේ ද යන අභියෝගයට මේ වනවිට මුහුණ දී තිබේ.

2022 වසර තුළ දි විදේශිය සංචාරකයින් වඩා දේශිය සංචාරකයින්ගේ වැඩි පැමිණිමක් දක්නට ලැබුණු බව උතුරු මැද සංචාරක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත බෝපගේ අප කළ විමසුමක දි පැවසීය. 2022 වසරේ දි විදේශීය සංචාරකයින් ලක්ෂ 05 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට පැමීණ තිබේ.

2009 පසුව ලංකාවේ යුද තත්ත්වය නිම වීමෙන් පසු සංචාරකයින් ලංකාවට වැඩි වශයෙන් පැමිණිය ද හබරණ ප්‍රදේශයට පැමිණිම සීමා වූ බව සංචාරක ක්ෂේත්‍රය පවසයි.කෙසේ වුවද ,මෙවර හබරණ ප්‍රධාන උළෙල පැවැත්විම එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට මහත් පිටිවහලක් වනු ඇත.

ඊට සමගාමිව කොළඔ ද උත්සවයක් සංවිධානය කර තිබේ.එය ,ශ්‍රි ලංකා හෝටල් හා සංචාරක කළමනාකරණ ආයතනයේ දි පැවැත් වේ. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහභාගි වේ.


News Articles
Latest Videos
Most Popular Post