ඩිස්නි රාජපක්ෂ රංගන ශිල්පිනියක්,නිරූපන ශිල්පිනියක් වගේම ගුරුවරියක් ලෙස වෘත්තීය කටයුතුවල නිරත වෙනවා. හිරු මෙගාස්ටාර්හි ඇගේ නර්ථන සහයක ලෙස කටයුතු කලේ ලලිත් පැරකුම්. දක්ෂ නර්ථන ශිල්පියෙකු වු ලලිත්ගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. ඒ වෙනුවෙන් විශේෂ සුබ පැතුමක් ඩිස්නි ඇගේ මුහුණු පොතට එක් කර තිබුණා
Happy Birthday බොක්ක,
සතුටු සිනා මැද කදුළු සුසුම් මැද ගොඩාක් අභියෝග මැද ජයග්‍රහණය කරා අපි ගියා. මගේ හැමදේකදිම ඔයා හයියට හිටියා.සහෝදරකම මිතුදම තව තවත් ශක්තිමත් වුනා. ඔයා අසාමාන්‍ය ශක්තියක් තියන අසාමාන්‍ය හැකියාවක් තියන කෙනෙක්. ඒ අසාමාන්‍ය හැකියාවට ලෝකයේ තැනක් ලැබේවා කියන එකයි මගේ ප්‍රාර්ථනාව ඔයාගේ Birthday එක දවසේ.
එහෙනම් යක්ෂයෝ Have a wonderful Birthday චණ්ඩියා
(අන්තිම Photo එක දාපු හේතුව ඔයා දන්නවා)
ආදරෙයි ගොඩාක්.



