News Line| Off Air
Generic placeholder image

Nov
17

සංගීත් සහ දිනිතිගෙන් හදීසියේම ලයිව් එකක්

500 Views


සංගීත් සහ දිනිතිගෙන් හදීසියේම ලයිව් එකක්

සංගීත් සතරසිංහ හා දිනිති වල්ගම කියන්නේ සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය කතාබහට ලක්වන යුවළක්. මේ දෙන්නගේ ආදර කතාව ප්‍රසිද්ධ රහසක්. සංගීත් සහ දිනිති ප්‍රේක්ෂකයින්ට වඩාත් සමීප වෙන්නේ ඔවුන්ගේ යූටියුබ් නාලිකාව හරහා. පසුගිය දවසක එවැනි වීඩියෝවකින් අදහස් පළකල සංගීත් ඔහුට හා දිනිතිට ලැබෙන ප්‍රතිචාර ගැන මෙලෙස අදහස් දැක්වූවා.

අපි ඔයාලාගේ කමෙන්ට්වලට රිප්ලයි නොකළාට අපි ඒ හැම එකක්ම කියවනවා. යූටියුබ් නම් අපි හැමෝටම ආදරෙයි. අපිට බෑඩ් කමෙන්ට්ස් ඇවිත් නෑ. පිටත ෆේස්බුක්වලින්, ෆොටෝස්වලින්, ස්ටෝරීස්වලින් අරන් දාලා තියනවා. කෙනෙක්ට ඒවා වැරදි විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒවා ඇතුලේ කමෙන්ට් කරන අය අපරාධයක් කරගන්නේ. කාලය නාස්ති කර ගැනීමක්…

කමෙන්ට් කරන ඒවා බැලුවොත්..අපි නිකන් ඒ කෙනෙක්ගේ ප්‍රොෆයිල් එකට ගිහින් බැලුවොත් එක්කෝ රස්සාවක් කරන්නේ නැති, රූපයක් නැති, මල්වාස් එකක්, කාර් එකක් දාන් ඉන්න අය. අනික මම දැක්කා අපේ එක්තරා වීඩියෝ එකක ෆොටෝ එකක් අරන් පේජ් එකක දාලා තියනවා. මට යාළුවෙක් ඒක එවලා තිබුණා. මනුස්සයෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා. එහෙම වචනෙන් අපිට කියන්න බෑ. යාළුවා කිව්වා අයියා නිකම් බලන්න මේ ප්‍රොෆයිල් එකේ ඉන්න කෙනා කවුද කියලා? මම ක්ලික් කරලා බැලුවා. මම කවදාවත් කරන්නේ නැති දෙයක්…

ඒ මහත්තයා ඉන්නේ තමන්ගේ වයිෆ් සහ තමන්ගේ දරුවා අතේ තියාගෙන. ඇක්ටිව් එකවුන්ට් එකක්. හෙන දරුණුයි ඒ වචන…අපි එයාව පුද්ගලිකව අදුනන්නේ නෑ. පබ්ලික් එහෙම දානකොට තමන් දැනගන්න ඕනේ මේක අනිත් අය දකිනවා. එයා මට පුද්ගලිකව මැසේජ් කලා නම් මට ප්‍රශ්නයක් නෑ. තමන් හැමවෙලාවෙම දෙයක් කරන්න කලින් කල්පනා කරන්න. තමන්ගේ මූණ, නම යන්නේ. අවසානයේ පවුලේ මිනිසුන්ගේ හම යන්නේ…


News Articles
Latest Videos
Most Popular Post