News Line| Off Air
Generic placeholder image

Nov
21

මම කැමතියි පවුලකට. මට ඕනේ හොද පවුල් ජීවිතයක් ගත කරන්න

446 Views


මම කැමතියි පවුලකට. මට ඕනේ හොද පවුල් ජීවිතයක් ගත කරන්න

මේ දවස්වල සංගීත ක්ෂේත්‍රයට පායපු තරුවක් විදියට දිනේෂ් ගමගේ හදුන්වන්න පුළුවන්. ප්‍රසිද්ධ වේදිකාවට මේ දවස්වල නැතුවම බැරි කෙනෙක් තමයි දිනේෂ් කියන්නේ.

අද වන විට රටම දන්නා මොහු ගායකයෙක් වෙන්න හේතුවක් වුණේ පාසලේ හිටපු ගෑණු ළමයෙක් යාළු කරගන්නයි. ඒ හේතුවෙන් සංගීතයට අවතීර්ණ වු මොහුගෙන් පසුගිය දිනවල අපට අසන්නට ලැබුණේ සුභ ආරංචියක්. ඒ ප්‍රියසාද් පවුල කිව්වම මේ වෙනකොට නොදන්න කෙනෙක් නෑ. ප්‍රියසාද් පවුලේ චූටි දුව ශනුද්‍රි ප්‍රියසාද් සමග ප්‍රේම සබදතාවක් තියනවා කියල ආරංචියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. ඒ අනුව දිනේෂ් ගමගේ මේ වන විට රටේ ජනප්‍රිය ගායකයෙක් වී හමාරයි.

ඔහුගේ කුඩා කාළය පිළිබදව මේ විදිහට අදහස් දක්වලා තිබුණා,

“මට අවුරුදු 4ක් වෙනකොට අපේ අම්මා රට ගියා. මට එච්චර තේරුමක් නෑ. අම්මා ටවුන් එකට ගිහින් එන්නම් කියලා තමයි යන්නේ. ඒ වුනාට අම්මා අඩනවා. මට දැන් තමයි තේරෙන්නේ ඒ අම්මා අඩන්නේ මාව දාලා යන නිසා කියලා. ඒ කාලේ මට තේරෙන්නේ නැති නිසා මම අඩලා ඊට පස්සේ ඉවරයි ඒ හැමදේම. මම තාත්තා එක්ක හැදී වැඩුනේ. මට අම්මගේ ආදරය අහිමි වුන නිසා මම පොඩි කාලේ ඉදලම රිලේෂන්ශිප් පටන් ගන්නවා”.

“මම පොඩි කාලේ අම්මා රට යනවා ගිහින් ආයේ එනවා. ඉතින් අම්මා කතා කලාම මම එයා ළගට යන්නේ නෑ. මම ටිකක් ලොකු වෙනකම් හිතන් හිටියේ අම්මා අපේ ගෙවල් ළග ඇන්ටි කියලා. එයා තමයි මාව පොඩි කාලේ බලා ගත්තේ. මම අඩු වයසෙන් රිලේෂන්ශිප් පටන් ගන්න කැමතියි. අනිත් කොල්ලෝ බදින්න කැමති නෑනේ. ඒත් මම හරි කැමතියි බදින්න. මම කැමතියි පවුලකට. මට ඕනේ හොද පවුල් ජීවිතයක් ගත කරන්න”


News Articles
Latest Videos
Most Popular Post