ඉගිමරන තරු රෑන කියන එකම ගීතයෙන් ඉහළ ප්රේක්ෂක ආදරයකට හිමිකම් කියූ කේ.සුජිවා කියන්නේ මෙරට ගායන ක්ෂේත්රයේ කැපී පෙනෙන තරුවක්. ඈ අදටත් ප්රසංග වේදිකාවට නැතුවම බැරි කෙනෙක්. ඇගේ දියණියන් වන අංජලී රාජ් කුමාර් හා රෝස් කියන්නෙත් මව වගේම ගායනයට ඉතාමත් දක්ෂයින් දෙදෙනෙක්. පසුගිය දවස්වල අංජලී ඇගේ යූටියුබ් නාලිකාවට අපුරු විඩියෝවක් නිකුත්කර තිබුණා. ඒ ප්රේක්ෂකයන්ගේ කමෙන්ට්වලට පිලිතුරු දීමටයි. ඇදුම් පැළදුම් ගාන තිබුණ විවේඡනවලට ඈ පිළිතුරු දුන්නේ මෙහෙමයි,
“අපිට කන්ෆටබල් දිගට අදින එකනම්…අපේ ප්රේක්ෂකයෝ අපිට ආසයි අපි පිළිවෙලට සංවරව අදින නිසා..මගේ කොන්ඩේ මගේ දාඩිය..මයි කාර් මයි පෙට්රල්..අපි කතා කරන විදිය නහයේ දාන ඒවා අදාල කරගන්න එපා. නාස් ලණුව දාගන්න ආසයි නම් ඔයා දාගන්න!! අපි කරපු සතෙක් ඉන්න ව්ලොග් එකට මෙහෙම දාලා තිබ්බා , ඉංග්රීසි ,සිංහල , දෙමල කියලා නෑ හරකට තේරෙන්නේ උම්බෑ විතරයි…ඒකටත් දාලා තිබ්බා තිරිසන් සත්තුන්ට ඉන්න දෙන්න කියලා. තව කමෙන්ට් එකක් තිබ්බා, යන එන මං නැතුව ඉන්දියාවෙන් ආපු දෙමලුලු. මොනවා වුනත් අපේ තාත්තා මඩකළපුවේ. අපේ අම්මා තාත්තා ජීවත් වෙන ගම. අපි ලංකාවේ..”






