අයියෝ සාමී නී යෙනක වේනා…අද වෙනකොට ලොකු කුඩා හැමදෙනාම ආදරයෙන් වැළදගත් ගීතයක්. ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා ගුණතිලකගේ බාල දියණිය වින්ඩි ගුණතිලක ගයන මෙම ගීතය දමිළ ගීතයක් වුනත් සියල්ලන්ම වැළදගෙන හමාරයි.
මේ වන විට එම ගීතය නැරඹුම් වාර මිලියන 4 පසු කර තිබෙනවා.
වින්ඩිගේ පෙම්වතා වන සනුක වික්‍රමසිංහ මෙහි පද රචනය කර තිබෙන අතර පොතුවිල් අස්මින් එහි පද රචනය කරලා තියෙන්නේ.
මේ වෙනකොට ගීතය මෙරට පමණක් නොවෙයි ඉන්දියාවේත් ජනප්‍රිය ගීතයක් වී හමාරයි. ඒ බව යූටියුබ් හි පළවී ඇති ප්‍රතිචාර මගින් පෙනෙනවා.
තමිල්නාඩුවේ ජීවත්වන ඉන්දියානුවෙකු මෙම ගීතයට මෙවැනි ප්‍රතිචාරයක් දක්වා තිබුණා. ඒ තමයි,
“මම ජීවත් වෙන්නේ දකුණු ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ. තමිල්නාඩු අවන්හල් සාමාන්‍යයෙන් මෙම ගීතය වාදනය කරන අතර මම වීදිවල යනවිට මට තැන් කිහිපයකින් ගීතය අඛණ්ඩව ඇසේ. ඉන්දියානුවන් ශ්‍රී ලංකාවේ ගීතවලට මෙතරම් ආදරය කරන්නේ මන්දැයි නොදනිමි. මම දැනගෙන හිටියේ නෑ මේක ලංකාවේ ගෑනු කෙනෙක් ගායනා කරනවා කියලා. මම යූටියුබ් එකේ සර්ච් කරලා බලනකොට එකපාරටම පුදුම වුණා!! ඔබ සැමට ආදරෙයි. ශ්‍රී ලාංකීය සංගීතය සීමා මායිම් ඉක්මවා ගොස් සියල්ලන් සමීප කරයි”
ගීතය හැදුණු විදිය දැනගන්න කැමතිද? එහෙනම් මේක අහන්න.



