News Line| Off Air| Games
Generic placeholder image

Dec
13

එයාගේ සින්දු හදන ගමන් මටත් සින්දු හදලා දෙනවා

316 Views


එයාගේ සින්දු හදන ගමන් මටත් සින්දු හදලා දෙනවා

මේ දිනවල ලංකාවේ විතරක් නෙමෙයි. ඉන්දියාවේත් ජනප්‍රිය අයියෝ සාමී ගීතය තයන වින්ඩි ගුණතිලකගේ විවාහය ලගදීම සිදුවීමට යන බවට මේ දිනවල කටකතා හා ආරංචි පැතිරෙනවා.

ඇගේ පෙම්වතා වන්නේ ජනප්‍රිය ගායන ශිල්පී සනුක වික්‍රමසිංහයි. දෙසැම්බර් මාසයේ අවසන් සතියේ ඔවුන්ගේ විවාහය සිදුවන බව ආරංචියි. වින්ඩි මෑතකදී කල පුවත්පත් සාකච්ඡාවකදී සනුක පිළිබද විමසූ විට මෙසේ අදහස් දක්වා තිබුණා.

වින්ඩිගේ සංගීත දිවියට සනුකගෙන් ලැබෙන සහයෝගය කිව්වොත්?


සනුකගෙන් ගොඩාක් ලොකු සහයෝගයක් මට ලැබෙනවා. එයාගේ සින්දු හදන ගමන් මටත් සින්දු හදලා දෙනවා. සනුක සහ තාත්ති තමයි මගේ ගීත හදලා තියෙන්නේ.

දෙන්නම ගායනා කරන සින්දුවක් අහන්න ලැබෙන්නේ කවදාද?


සනුක එක්ක මම මුලින්ම කලේ ක්‍රිස්මස් සින්දුවක්. ඒකේ ඕඩියෝ එක දාලා තියෙන්නේ. ඒක නම් කරලා තියෙන්නේ අපි දෙන්නා කියලා. ඊට පස්සේ මනාලි සින්දුවේ රැප් එක කියන්නෙත් සනුක. තව සින්දු කිහිපයක්ම කරලා තියනවා. ඒවා ඉස්සරහට අහන්න ලැබෙයි.


News Articles
Latest Videos
Most Popular Post