News Line| Off Air
Generic placeholder image

Dec
14

ලස්සන වනමල් යළි නෑ පිපෙන්නේ

400 Views


ලස්සන වනමල් යළි නෑ පිපෙන්නේ

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා දිවි සැරිය නිමා කරයි. මිය යන විට ඔහුට අවුරුදු 76කි.

1946 වසරේ ජනවාරි මස 09 වන දින උපත ලද මෙතුමා මෙරට වේග රිද්ම ගායනයේ රජු ලෙස විරුදාවලිය ලබා තිබුණා. බයිලා ගායන ශිල්පියෙකු ලෙස මෙරට ජනයා ඇද බැද තබා ගන්නට සමත් වූ මෙතුමා ශ්‍රී ලාංකීය ගායන ක්ෂේත්‍රය තුළ ගායකයෙකු පටිගත කල වැඩිම ගීත ඇල්බම් ප්‍රමාණයක හිමිකරුද විය. මෙතුමාගේ ගීත ඇතුළත් ඇල්බම් ගණන 113කි. චිත්‍රපට පසුබිම් ගායකයෙකුද වූ මෙතුමා නැසීගිය මාලි නෙල්සන් මැතිනියගේ ආදරණීය සැමියා වූ අතර මෙතුමාගේ පුතු වූයේ තරංග නෙල්සන්ය.

මෙතුමාගේ ලස්සනට පිපුණ වනමල් ගීතය ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය හරහා ප්‍රචාරය වූ පළමු ගීතය වන අතර වේග රිද්මය තුළ මෙරට ආර්ථික, සාමාජීය ගැටළු මෙන්ම කාළීන තොරතුරුද ගීතයෙන් විමසා බැලූ අවස්ථාද එමටයි. ඇරපන් කරාමේ, ගුණේ අයියාගේ බජව් දාන කාමරේ වැනි ගීතයන්ට විවිධ සමාජ ක්ෂේත්‍රයන් ඔහුගේ ගායනයට පදනම් වුණා.

නිහාල් නෙල්සන් ගායන ශිල්පියා, ප්‍රතිභාපූර්ණ ගීත රචකයින්ගේ සහ සංගීතවේදීන්ගෙ පද- තනු අනුව ගැයු චිත්‍රපට පසුබිම් ගීත ඇතුලත් චිත්‍රපට කිහිපයක් ලෙස පෙම් කුරුල්ලෝ, දියමන්ති, ලෝක හොරු, හරි යනකොට ඔහොම තමයි,සඳවට රන්තරු, වාලම්පුරි, සක්විති සුවය, පුතුණි මට සමාවෙන්න, සිකුරු යෝගය දැක්විය හැකියි.

ඉතා නිහතමානී කලාකරුවෙකු ලෙස කලා ලෝකය තුළත් රසික හදවත් තුළත් නිහාල් නෙල්සන් නාමය සදා අමරණීය වනු ඇත.

වසර පනස් අටක් පූරා ගීත ගායනා කරමින් ගී කෙත අස්වැද්දූ කලාකරුවාණේනි ඔබට නිවන් සුව අත්වේවා.


News Articles
Latest Videos
Most Popular Post