News Line| Off Air| Games
Generic placeholder image

Dec
28

නත්තල වෙනුවෙන් පුෂ්පිකා කළ දේ

233 Views


නත්තල වෙනුවෙන් පුෂ්පිකා කළ දේ

නත්තලේ නියම අරුතවන්නේ සියළු දෙනාගේ මුහුණුවලට සිනහවක් රැගෙන ඒමයි.

නිරූපණ ශිල්පිනී පුෂ්පිකා ද සිල්වා නත්තල වෙනුවෙන් වීශේෂ දෙයක් සිදු කලා. ඒ පිළිබද සදහන් කරලා ඇය සමාජ මාධ්‍ය වෙත සටහනක් යොමු කර තිබුණා. ඒ තමයි,

නත්තල කියන්නේ ප්‍රේමය, සාමය සහ සතුට පිරුණු මාසයයි. විශේෂයෙන් මේ මොහොත වන විට අපේ රටේ බොහෝ දෙනෙක් විවිධ ආර්ථික දුෂ්කරතා වලට මුහුණ දීලා, වෙහෙසට පත්වෙලා ඉන්න කාලයක් ගෙවන්නේ. ඉතින් මම මට හැකි තරමින් කුඩා දරුවන්ගේ මුහුණුවලට නත්තලේ සතුටු සිනහව රැගෙන එන්න වැඩසටහනක් පැවැත්වූවා. රසවත් ආහාර, ක්‍රීඩා, තෑගිබෝග පිරුණු ඒ සුන්දර නත්තල් සාදය සතුටින් පිරී තිබුණා. ඉතින්, හැකි උපරිමයෙන් එකම එක මුහුණකට හෝ සිනහවක් ගෙන එන්නට අපි උත්සාහ කරමු. මෙය දකින ඔබ සැමට මම දෙන නත්තල් පණිවිඩය එයයි.

පුෂ්පිකා ද සිල්වා


News Articles
Latest Videos
Most Popular Post