News Line| Off Air
Generic placeholder image

Dec
30

සමහර අය හිත් තැවුලෙන් ඉන්නවා මාත් එක්ක

394 Views


සමහර අය හිත් තැවුලෙන් ඉන්නවා මාත් එක්ක

නව පරපුරේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සචින් ලියනගේ කෙටි කලකින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් අයෙක්. ඒ වගේම ඔහු මුහුණු පොතෙත් සක්‍රීය චරිතයක්.

පසුගිය දවසක ඔහු යුටියුබ් නාලිකාවක් හරහා පෞද්ගලික තොරතුරු මෙසේ පවසා තිබුණා,

මගේ හොදම යාළුවා ශලිනි. අනිත් අයත් ගොඩාක් ක්ලෝස්. යාලුවෝ විතරයි. ගොඩාක් අය කියනවා අපේ කෙමෙස්ට්‍රි එක හොදයි කියලා. ඒක ප්‍රේක්ෂකයන් දකින විදිහ.මම සාමාන්‍යයෙන් කියන්න ඕන දේ කෙලින්ම කියනවා. මට හරි අමාරුයි හිතේ දෙයක් තියන් කතා කරන්න. සමහර අය කියනවත් එක්ක එපා කියලා. අපේ ගොඩාක් අය ඉන්නවා නේ මොකක් හරි තනතුරක් බලාපොරෝත්තුවෙන් ඒ කෙනා ලග ඉන්න. මට එහෙම ඕනේ නෑ. මගේ මොකක් හරි වැරැද්දක් තියනවා නම් ඒක මට කියනවට මම හරි ආසයි. සමහර අය හිත් තැවුලෙන් ඉන්නවා මාත් එක්ක. ඒකට මට කරන්න දෙයක් නෑ.


News Articles
Latest Videos
Most Popular Post