ප්‍රවීණ රංගන ශිල්පිනී යශෝධා විමලධර්මගේ මෑණියන් පසුගිය දා දිවිසැරිය නිම කලා. ඇයගේ නික්මයෑම පිළිබඳව සංවේදී සටහන් රැසක් සමජ මාධ්‍ය තුල දක්නට ලැබුණා.
ඒ අතර යශෝධා විමලධර්ම තැබූ සටහන්ද දක්නට ලැබුණා.
මේ සටහනත් එවැනි සටහනක්
ඔබ රැක බලාගත් මගේ දෑත් මතම ඔබට අවසන් හුස්ම හෙලන්නට සිදුවෙතැයි මම නොසිතුවෙමි.
මෑණියනි දැන් ඔබ නිදහස්.
ඔබ වැතිර සිටින මේ දෙන දෙස බලා සිටිනා මට ඔබ සුවසේ නිදන බවක් දැනෙයි .
සියුම් සිනහවක සේයාවක් ඔබ දෙතොලේ රැඳී ඇත.
ඔබේ නිවන වැඩි ඈතක නොවෙයි.
ඔබ උතුම් කතක්. .උතුම් ගුරැ මවක්. උතුම් මවක්.
ඔබේ ගුණ කෙතරම්ද . එතරම්ම ලියන්නට වදන් නොමැත මට.
ඔබ අමා මහ නිවනින් සැනසේවා






