ඉගි මරන තරු රෑන ගීතයෙන් සංගීත වේදිකාව ජයගත් වර්තමානයේ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි කෙනෙක් තමයි කේ. සුජීවා කියන්නේ.
ඇය ගැන මෑතකදී නම් කතාබහක් ඇතිවුණේ අනතුරක් අතරතුර ඇය සිදුකල ප්‍රකාශයක් නිසා.
ඇය ඇගේ ජීවිතේ අමිහිරි මතක මැදින් ජීවිතය දිනූ අයුරු කියා තිබුණා.
” ඒක අවුරුදු 6ක රිලේශන් එකක්. එයත් ප්‍රසිද්ධ කෙනෙක් නිසා ඒ කෙනාටත් නමක් තිබුණ නිසා ඒක ගොඩාක් කතාබහට ලක් වුණා.ඒ ආදරේ නිසා මම හිතුවේ මම මැරිලා යයි කියලා. 2018දී මේක නැති වුණේ 2019 වෙනකන් මම පුදුම දුකක් වින්දේ. මම හරියට මෙන්ටලි වැටිලා හිටියේ. ඩිප්රෙෂන්වලට බෙහෙත් ගත්තා. මගේ කෙල්ලෝ දෙන්නා නිසා එතනින් නැගිටින්න පුලුවන් වුණා. ආදරය කියන්නේ අනිත්‍ය හැගීමක්නේ. හැබැයි ආදරේ හරි සුන්දරයි. අවංක කෙනාට ආදරේ කලොත් හරි සුන්දරයි…වැරදි කෙනාව තෝරගෙන කොච්චර සුන්දරව ආදරේ කලත් වැඩක් නෑ”






