News Line| Off Air| Games
Generic placeholder image

Feb
10

ඒ් වචනේ සාපයක්

302 Views


ඒ් වචනේ සාපයක්

මෙරට ගායන ක්ෂේත්‍රය නැතුවම බැරි හඩක හිමිකාරියක් තමයි අභිෂේකා විමලවීර කියන්නේ.

ඇගේ සෑම ගීතයක්ම රසිකයින් වැළදගත්තේ ඉතාම ආදරයෙන්. ඒ් වගේම අභිෂේකා සමාජ මාධ්‍ය තුළත් ජනප්‍රිිය චරිතයක්. ඒ් ඇය සමාජ මාධ්‍යයේ පළ විශේෂ සටහන් නිසා.

මේ ඇය එලෙස සමාජ මාධ්‍යයේ තැබූ සටහනක්,

ප්‍රේමයෙන් මරණාසන්න තුවාළ හිමිවුණු මනුස්සයෙක් මරණය වෙනුවට ජීවිතේ තෝර ගන්නවා කියන්නෙ ,අත් හැරීම වෙනුවට අත්පත් කරගැනීම කියන තැනට හිත හදාගන්නව කියන්නෙ පුදුම achivement එකක්.හැබැයි මෙහෙම හිත හදා ගන්න මිනිස්සු ආයෙම ආදරේ කරන්න බය වෙනවා.ඒ, අතීත වේදනාව ආයෙම විදින්න තමන්ට හයියක් නෑ කියල හිතන නිසා..ආදරේ හිදිල කියල හිතන නිසා.ඔහේ කාලයත් එක්ක බොහොම නිදහසේ ,සැහැල්ලුවෙන් චූටි පාලුවක් එක්ක ජීවිතේ ගලාගෙන යනවා.සමහර විට මාස ගාණක්.සමහර විට අවුරුදු ගාණක්.සමහර විට ශත වර්ෂ ගාණක්,සමහර විට සදහටම..හැබැයි ආයෙම මටනම් කිසිම කෙනෙකුට ආදරේ හිතෙන්නෙ නෑ,මගෙ හිතට ලාදුරු කියල හිතපු සමහර මිනිස්සුන්ට එකපාරම එක එල්ලේ බලන්න බැරි ඇස් දෙකක් ආයෙම මුණගැහෙනවා.හර්ද වස්තුවේ duty එක ලේ පොම්ප කරන එක විතරක් නෙමේ කියල දැණෙන්න ගන්නවා..ඒත්….ඒ මිනිස්සු ආදරෙයි කියලා අලුත් බැදීමක් හදා ගන්න බයයි.මොකද ආදරය අත් ඇරුණොත් ආයෙම නොලැබෙන බව දන්න හින්දා.ඒ වෙනුවට ඒ බැදීමට නමක් නොදී ඉන්නවා.සිප ගැනීම් දාහකට ගේන්න බැරි සතුටක් ඒ එක බැල්මකින් ඔබට ලැබෙනවා.ඒ නිසා දැණෙන කෙනෙක් ලැබුණත්, නොලැබෙන බව දන්නවනම් ආදරෙයි කියන්න එපා… ඒ වචනෙ සාපයක් ! ආදරෙයි. අභී!


News Articles
Latest Videos
Most Popular Post