අභිෂේකා විමලවීර ගායන ක්ෂේත්‍රයේ කවුරුත් ආදරය කරනා නිහතමානී ගායන ශිල්පිනියක්. ඒ වගේම ඇය සමාජ මාධ්‍ය තුලත් අතිශය ජනප්‍රිය චරිතයක්.ඒ ඇය සමාජ මාධ්‍යයට එක් කරනා සටහන් නිසායි.
එලෙස ඇය සමාජ මාධ්‍යයේ තැබූ සටහනක් අපේ ඇස ගැටුණා. ඇය මෙම සටහන තබා තිබුණේ ජනප්‍රිය ගායන ශිල්පී ශෙහාන් කෞෂල්‍යයගේ අලුත්ම ගීතය වෙනුවෙනුයි.
එම සටහන පහතින් බලන්න,
ඔබ මා හැර ගිය දා පටන් හැම උදෑසනකම මම මුහුණේ රැලි වැසී යන්නට තුනී පුයර තට්ටුවක් එලා ගනිමි. ඔබ මටත් වඩා ප්‍රේම කළ, දෙතොළ පාමුළ කුඩා සළකුණ කලු පාටින් ඉස්මතු කර ගනිමි. ඒ ඔබ මා යලි දකින මොහොතේ ලෝකයේ සුන්දරම ගැහැනිය අහිමි වූ වේදනාව ඔබට දනවනු පිණිසය. ඒ දවස උදාවිය.ඔබ,ඔබට උවමනා ලෙසෙම තවත් වයින් බෝනික්කියක් තනා තිබුණි.වෙනසකට තිබුණේ මා ඇයට වඩා මදක් වියපත් වීම පමණි. ප්‍රේමයට වයසක් කුමකටදැයි ඇසූ සියලු ප්‍රේමවන්තයන් බොරුකාරයන් කළ ප්‍රතිවීරයා ඔබය.ආදරයට වයස ඉලක්කමක් පමණක් නොවේ.. බොහෝ අය කියනු ඇසී තිබුණත් ඔබට ප්‍රේමය ඉලක්කය කි!අභී!

