News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
13

ගයත්‍රි ඩයස් දුකින් කියූ කතාව

471 Views


ගයත්‍රි ඩයස් දුකින් කියූ කතාව

ගයත්‍රි ඩයස් තියන්නේ පුංචි තිරයෙන් අපට සමීප වන කවුරුත් ආදරය කරන ජනප්‍රි රංගන ශිල්පිනියක්. රංගනයට අමතරව ඇය නිරූපණ ශිල්පියක් ලෙසින්ද කටයුතු කරනවා.

ඇය මෑතකදී ඇගේ මව පිළිබද මතක අවදි කලා.ඒ මෙන්න මේ විදිහට,

“මට පුළුවන් කාලේ ඉදලම අම්මා පුළුවන් දේ කලා. අපි මහා සල්ලිකාරයෝ නෙමෙයි. අපි සාමාන්‍ය මිනිස්සු. එයා හැමදාම කලේ පවුල එකතු කරපු එක. ඒ නිසා මට මතක දුක හිතෙන දේ අම්මා අන්තිම කාලේ වෙනකොට කෙට්ටු වෙලා චූටි වුණා.”

 “මට‌ දැනටත් ගෙදර ඉද්දි එයාව මැවිලා පේනවා. අර වගේ ලස්සනට ඉදලා එකලාරටම අර විදිහට වුණා. එයා දිහා බලලා මම තේරුම් ගත්තා ලස්සනයි කියන හැමදේම දවසක නැතිවෙනවා. ඒක තේරුම් ගත්ත නිසා මම මාර සතුටින් ඉන්නේ. අම්මා කොරෝනාවලින් නැතිවෙලා ගියේ එක ක්ෂණයකින්. මම අම්මාව දැක්කේ තප්පර ගානයි. ඇදන් හිටපු ඇදුම පිටින්ම අරන් ගියා. අම්මාගේ මරණයවත් ඇහැට දැක්කේ නෑ. අම්මාට මිනියක් කියලා කියන්න වුණේ නෑ කොටින්ම.”


News Articles
Latest Videos
Most Popular Post