News Line| Off Air| Games
Generic placeholder image

Mar
14

මුලින්ම ආදරේ කිව්වේ ගයාන්ද? චතුරිකාද?

262 Views


මුලින්ම ආදරේ කිව්වේ ගයාන්ද? චතුරිකාද?

චතුරිකා පීරිස් හා ගයාන් වික්‍රමතිලක කියන්නේ පුංචි තිරයේ කවුරුත් ආදරය කරනා දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක්.

මේ දෙදෙනාගේ පුංචි දියණිය තමයි ආරාධනා කියන්නේ.

පසඅගිය දවසක වැඩසටහනකට එක් වූ ගයාන් හා චතුරිකා ඔවුන්ගේ ආදර කතාව ගැන කිව්වේ මෙන්න මේ වගේ දෙයක්,

ඉස්සෙල්ලාම ආදරේ කිව්වේ ගයාන්ද? චතුරිකාද? (ගයාන් දුන් පිළිතුර )

“මම තමයි කිව්වේ. ඒක හරි අමාරුයි කියන්න ඉතින්. ඒ දවස්වල මෙයා ගෙයක් හදනවා. මෙයාට ආදරේ කිව්වට දැනෙන්නේ නෑ ඔය වැඩ එක්ක. මම මුලින්ම කිව්වේ මගේ හිතේ මෙහෙම දෙයක් තියනවා. ඒක ගෙදරට අරගෙන යන ටිපර් ලෝඩ් එකක් තරම් බර දෙයක් කිව්වා. එහෙම තමයි පළවෙනි වතාවට කිව්වේ.”

තුරිකා‌ගේ පිළිතුර වුණේ මේ වගේ දෙයක්,

“ඒ දවස්වල මම හරි කාර්‍යබහුලයි. ආදරේ ගැන අහන්න තරම් කාලයකුත් නෑ. හැබැයි මෙයා සිංදුවෙන්, කතාවෙන්, රියැක්ෂන් වලින් ආදරේ කිව්වා. මම ඒ හැමදේටම අහුවුණා. නාට්‍යවලදී වගේම තමයි. හොදට හැගීම් ප්‍රකාශ කරනවා. ඒ වගේම මග අරින්න බැරි මේ පුද්ගලයා හරි ආදරණීය වුණා.”


News Articles
Latest Videos
Most Popular Post