News Line| Off Air| Games
Generic placeholder image

Apr
13

මාධවි ඇන්තනී අප්පච්චි ගැන පල කරපු කවිය

385 Views


මාධවි ඇන්තනී අප්පච්චි ගැන පල කරපු කවිය

ප්‍රවීන රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී තවමත් රෝහල්ගතව සිටින බව අප කවුරුත් දන්නවා.


ඒ ඔහු මුහුණ දුන් රිය අනතුරක් හේතුවෙන්.


මේ වන විට ඔහුගේ තත්ත්වය ගැන විවධ කට කතා සමාජ මාධ්‍යන් තුල පැතිර යනවා.


මේ අතරවාරයේ ඔහුගේ දූ වන මාධවි වත්සලා ඇය හා පියා අතර පවතින බැදීම ගැන අපූරු කවියක් පල කර තිබුණා.

නිසොල්මන් වී නිදා නොනිදා
බරට වැටෙනා හුස්මට
තාම පණ නළ රැඳී තියෙනා
නුඹව බර නෑ සයනෙට
අතහරින්නට ලෝබ හිතෙනා
කාලේ ගෙවෙනා දවසට
තුරුළු වෙන්නම ඕනේ ආයේ
ආදරෙන් නුඹේ පපුවට
මතක අමතක කරන් මිනිසුන්
කියන දේවල් හරහට
නුඹට නෑසෙන අපව පෑරෙන
කඳුළු දෙනවා මතකෙට
වටිනකම් අඩු වෙලා යනවද
නුඹව බර මේ ලෝකෙට
නුඹේ සුවඳත් අපිට හයියක්
නැගිට එන්නකෝ හනිකට
අපිට නුඹ මිස වෙනත් දේවල්
නැති නිසා රැක ගන්නට
ගෙවෙන තප්පර සවිය වේවා
පිනෙන් කේසර හිතකට
පිරිත් සුතුරක ආයූ බල දෙන
සියක් දෙවියන් පිහිටට
නිසැකවම නුඹ රකිනවා සුව
දෙවා පිරිපුන් දිවියට
කරන්නට තව බොහෝ දේ
ඇති නිසා උපනා රටකට
නිදුක් වී දුක් නිමා කරමින්
එන්න රන්කඳ ගෙදරට
ආදරෙන් නුඹ සැදූ ලෝකේ
තනිය හුරු නෑ දුවෙකුට
ඉතින් ඉක්මන් සුව ලැබේවා
මගේ රන් අප්පච්චිට.


News Articles
Latest Videos
Most Popular Post