News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
27

වොල්ගා කල්පනීගේ අලුත් ප්‍රේමය

727 Views


වොල්ගා කල්පනීගේ අලුත් ප්‍රේමය

වොල්ගා කල්පනී කියන්නේ පුංචි තිරයෙන් ඔබට සමීප වන හුරුබුහුටි ජනප්‍රිය රංගන ශිල්පිනියක්. දිගු කලක් නිහඩව සිටියත් ඇය විටින් විට සමාජ මාධ්‍යයේ දක්නට ලැබෙනවා.

පසුගිය දිනක ඇය වැඩසටහනක් හා ‌එක්වෙමින් ඇගේ අලුත් ප්‍රේමය ගැන මෙලෙස අදහස් දැක්වූවා,

“මගේ ජීවිතේ හැමෝම දන්න එක ප්‍රේමයක් තිබුණා. ඒ්ක ඇත්තටම ලොකු කාලයක් තිබ්බා. මම හිතන්නේ සමහර අත්හැරීම් ඇතුලේ අනිත් කෙනාට වෙන්නේ හොදක් නම් ඒක අපි අතහරින්නම ඕනේ කියලා. මම මේ වෙද්දි කෙනෙක්ට ආදරය කරනවා. ඒක හරි ලස්සන සුන්දර බැදීමක්. මම ජීවිතේ විදින ගමන් ගොඩාක් දේවල් අතහැරලා ජීවත් වෙන කෙනෙක්. හැබැයි අම්මා කෙනෙක් වෙන්න ඕන කියන එක තාම අතහැරලා නෑ. මොකද ඕනම ගැහැනියක් අම්මා කියලා කවුරු හරි කෙනෙක්ගෙන් අහගන්න එකට හරි ආසයි..”


News Articles
Latest Videos
Most Popular Post