සිනමාවේ නැතුවම බැරි ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසුරියයි. ඇය දියණියකගේ මවක්ද වෙනවා.
මේ දිනවල ඇගේ ක්ෂිර සාගරය කැළඹුණි චිත්‍රපටයත් සාර්ථකව තිරගත වනවා. එහි පුරම්භිකාට ජීවය දෙන ඇය පිළිබදව නැවතත් සියළුදෙනා කතාබහ කරනවා.
මේ අතරවාරයේදී උදාරි කවදාවත් මාධ්‍යයට නොකියූ ඇගේ කුඩා කල පිළිබඳව මතකය අවදි කර තිබුණා.
ඒ මෙන්න මෙහෙමයි,
“හත වසරේදි විතර මට සිස්ටර් කෙනෙක් වෙන්න ඕනේ වුණා ලොකු වුණාම. ගෑණු ලමයින්ට කොහොමත් පිරිමි ළමයින්ට වගේ පොඩි කාලේ ෆැන්ටර්සිමය දේවල්වලට ආසාව ඇති වෙනවා අඩුයි. මට පොඩි කාලේ තිබ්බ එකම ආසාව මගේ පවුලේ අය ඔක්කොම එකට ඉන්නවා දකින එක. මගේ අම්මා ඇමරිකාවේ. අම්මා ගිහින් එද්දින් තාත්තා යනවා. අන්තිමටම අම්මයි තාත්තයි ඉද්දි අයියා ඕස්ට්‍රේලියාවේ ගියා. පවුල එකට එකතු වෙන ආසාව තමයි මට තිබුණේ”